විශේෂඥ වෛද්‍ය උපදෙස්

දායකත්වය

   

   


හැඳින්වීම
පිළිකා රෝග විනිශ්චය කරන්නේ කෙසේද? පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල

 

පිළිකා රෝග විනිශ්චය කරන්නේ කෙසේද?

 පිළිකාවක් ඇතැයි සැකකරනුයේ පුද්ගලයකු තුල ඇති රෝග ලක්ෂණවලට අමතරව රෝගියාගේ ශරීරය වෛද්‍යවරයා විසින් පරීක්ෂාකිරීමෙන් සහ කරනුලබන පරීක්ෂණවලින් අනතුරුවය.  ඔබගේ වෛද්‍යවරයා  ඔබගේ සිරුරේ ඇති අසාමාන්‍යතා පරීක්ෂාකරනු ඇත.

 

උදාහරණ වශයෙන් සමෙහි ඇති ගැටිති හෝ විශාල වූ අක්මාව. එසේම පිළිකාව ඇතැයි සැකකරන ස්ථාන අනුව වෛද්‍යවරයා ඔබව එක්ස් කිරණ (x ray),ස්කෑන් (scan) , එන්ඩොස්කොපි (endoscopy) ,බ්‍රොන්කොස්කොපි (broncoscopy) ,ආදී වශයෙන් පරීක්ෂණ සඳහා ඔබව යොමුකරනු ඇත.

 

මෙම පරීක්ෂණ මගින් පිළිකා ඇතැයි සැකකරන ස්ථාන හඳුනාගත හැකිය. කෙසේ නමුත් අසාමාන්‍යතාවය පිළිකාවක්යැයි සැකහැර දැනගැනීම සඳහා බයොප්සියක් (biopsy) ලබාගැනීම බොහෝවිට අවශ්‍යවේ.

  

තවද රෝග ලක්ෂණ පහලවීමට පෙර කරනු ලබන ස්ක්‍රීන් ටෙස්ට් (screening test) මගින්ද පිළිකා හඳුනාගත හැකිය. එමගින් ලැබෙන දත්ත ස්ථිර නොවුවද, තවදුරටත් කරනු ලබන කායික පරීක්ෂාවන් සහ වෙනත් පරීක්ෂණ මගින් ලැබෙන දත්ත තහවුරු කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම සිදුකරනු ලබයි.

 

 එසේම  ස්ක්‍රීන් ටෙස්ට්  මගින් ජීවිත ගණනාවක් රැකගැනීමට හැකිවුවද ඒවා ඉතා වියදම් අධික මෙන්ම සමහර අවස්ථාවලදී ශාරීරික හා මානසික ප්‍රතිවිපාක විඳීමට සිදුවනු ඇත. එසේම  ස්ක්‍රීන් ටෙස්ට්  මගින්  රෝගයක් නොමැති අවස්ථාවලදී රෝගය ඇතැයි වැරදි ආකාරයට ප්‍රථිපල (false positive) ලබාදේ.   එව්ට එමගින් දැඩි මානසික පීඩනයක් ඇතිකරන්නා සේම මිල අධික අවධානම් පරීක්ෂණවලටද යොම්වීමට සිදුවේ.

LAST_UPDATED2
 
පිළිකා සඳහා හේතු කවරේද? පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල

 

 

පිළිකා සඳහා හේතු කවරේද?

 

අප සියලුදෙනාටම පිළිකා සෑදීමේ අවධානමක් පවතී. බෝහෝ පිළිකාවන් බිහිවනුයේ කිසිමහේතුවක් දක්නට නොමැතිවය. කෙසේ නමුත් සමහර අවදානම් සාධක (Risk factors) නිසා ඔබගේ ශරීරයේ සෛල එකක් හෝ කිහිපයක් අසාමාන්‍ය සෛලබවට පත්කර පිළිකාබවට හැරවීමට හැකියාව පවතී. පහත දක්නට ඇත්තේ එවැනි අවධානම් සාධක කිහිපයකි. 

 

 

 

                                        1.    රසායන පිළිකාකාරක (chemical carcinogens)

 

පිළිකාකාරකයක යනු  සමාන්‍ය සෛල විනාශකර එය වඩාත් පිළිකාකාරී සෛලයක් බවට පත් කළහැකි දෙයකි. රසායන, විකිරණ, ආදී වශයෙන් පිළිකාකාරක පවති. පිළිකාකාරකයකට වැඩිපුර නිරාවරණයවීම, පිළිකාවක් සෑදීමට ඇති හැකියාව වැඩිවනබව පොදු නීතියක් ලෙස සලකනු ලබයි. හොඳින්ම දන්නා පිළිකාකරක කිහිපයක් පහත දැක්වේ.

 

 

§  දුම් පානය - දුම් බොන්නන්ගේ සිරැරේ පෙනහළු, මුඛය, අන්නසෝත්‍රය, මුත්‍රාශය සහ අග්න්‍යාශය යන ප්‍රධාන අවයව තුළ පිළිකා හටගනී. සියලුම පිළිකාවලින් හතරෙන් එකක් පමණ දුම් පානය නිසා හට ගනී. දුම් බොන්නන්ගෙන් දහයෙන් එක් අයෙක් පමණ පිළිකා නිසා මියයයි. ඔබ තදින්ම දුම් පානය කරන්නේ නම් , පිළිකා අවධානමද වැඩිය. ඔබ දුම් පානය නවත්වන්නේනම් පිළිකා අවධානමද සැළකිය යුතුලෙස පහල බසී.

 

 

§  රැකියාස්ථානයේ රසායානද්‍රව්‍ය - උදාහරණ ලෙස බෙන්සීන්, ඇස්බැස්ටස්, ෆොර්මැල්ඩිහයිඩ්, යනාදිය. ඔබ මේවා සමග ගැවසෙමින්, ගැටෙමින් අනාරක්ෂිතව කටයුතු කළහොත්, ඔබට සමහර පිළිකා වැළඳීමේ හැකියාව වැඩිවීයයි. උදාහරණ වශයෙන්මෙසෝතීලියෝමා”(mesothiliyoma) නමැති පිළිකා තත්වය පවතින රෝගියෙකුට ,පෙර අවස්ථාවකදී ඇස්බැස්ටස්වලට නිරාවරණයවීමත් අතර සම්බන්ධයක් පවතී. 

 

 

                                                                        2.      වයස

 

ඔබ වයසට යත්ම පිළිකා සෑදීමට ඇති අවධානමද වැඩිවයයි. මෙයට හේතුවනම් ශරීරයේ සෛලවලට කාලයත් සමග සිදුවන හානිය එක් රැස්වීමයි.එසේම ඔබ වයසටයත්ම අසාමාන්‍ය සෛලවලට එරෙහිව සිරුරේ ඇති සටන් කිරීමේ හැකියාවද අඩුවීයයි. එනම්, හානියට පත්වූසෛල නැවත අළුත්වැඩියාවටත්,සිරුරේ අසාමාන්‍ය සෛලවලට විරුද්ධව සටන්කරන ප්‍රතිශක්ති පද්ධතියත්, කාලයත් සමගම අකාර්යක්ෂමබවට පත්වීමයි. එමනිසා අවසානයේදී එක් විනාශයටපත්වූ සෛලයක් නොනැසී පැවතීමට හැකියාවලබා , පසුව පාලනයකින් තොරව ගුණනයවේ. බොහෝ පිළිකා වයස්ගත පුද්ගලයින්ගේ දක්නටලැබේ.  

 

 

 

                                                                3.      ජීවන ක්‍රමය

 

ආහාර සහ අනෙකුත් ජීවනක්‍රමයේ සාධක පිළිකා ඇතිවීමකෙරෙහි බලපායි.

 

උදාහරණවශයෙන්:

 

§  ඔබ විශාල වශයෙන් පළතුරු සහ එළවළු ආහාරයට ගත්හොත් සමහර පිළිකාවලින් වැළකීමට හැකිය.එවා මගින් පිළිකා වළක්වන ආකාරය තවමත් සම්පූර්ණයෙන් අවබෝධකරගෙන නොමැත. මෙම ආහාරවර්ග විටමින් හා ඛනිජ ලවණවලින් අනූණවන අතර 'ප්‍රතිඔක්සිකාරක' නම් වූ රසායන ද්‍රව්‍ය අන්තර්ගතවේ.

එවා ශරීරය තුලට එන විනාශකාරී රසායන ද්‍රව්‍යවලින් ශරීරය ආරක්ෂාකරයි. පළතුරු සහ එළවළු කොටස්  පහක් අවම වශ්යෙන්වත් අප දිනකට ගතයුතුය.  සමහර ප්‍රවීණ යෝ මීටත් වඩා  ඒවා ආහාරයට ගැනීමට නිර්දේශ කරති.

 

 

§  තෙල් සහිත ආහාර පමණට වඩා ආහාරයට ගැනීම සමහර පිළිකා ඇති කරවීමට හේතුවේ.

 

 

§  සමහර පිළිකා ඇතිකරවීම කෙරෙහි අධික තරබාරු බව , නිති පතා ව්‍යායාම නොමැතිකම සහ අධික ලෙස මත්පැන් පානය හේතුපාදකවේ.

 

 

                                                                     4.      විකිරණය

 

විකිරණය යනු පිළිකාකාරකයකි. උදාහරණ ලෙස විකිරණශීල ද්‍රව්ය්‍ය සහ න්‍යෂ්ඨික ප්‍රතික්‍රියා, ලියුකීමියා (leukemia) සහ අනෙකුත් පිළිකා ඇතිකරයි. අධික ලෙස හිරු නිරාවරණයවීම සහ අව්වට පිළිස්සීම මගින් (අධෝරක්ත විකිරණ ඒ-UVA සහ බී-UVB මගින්) සමෙහි පිළිකා ඇතිවීමේ අවධානම වැඩිකරයි. විකිරණ මාත්‍රා (radiation dose) ප්‍රමාණය විශාලවත්ම පිළිකා ඇතිවීමේ අවධානමද ඉහළයයි.කුඩා ප්‍රමාණයේ විකිරණ මාත්‍රා නිකුත් කරන තනි එක්ස් කිරණ පරීක්ෂණයකින් වන හානිය ඉතා අවමවේ. 

 

 

                                                         5.      ලෙඩරෝග බෝවීම

 

සමහර වෛරස හා පිළිකා අතර සම්බන්ධයක් පවතී. උදාහරණ ලෙස හෙපටයිටිස් ඒ සහ බී (hepatitis A & B) වෛරස දිගටම ආසාදනයවී පවතින පුද්ගලයෙකුට අක්මාවේ පිළිකා සෑදීමට ඇති අවධානම වැඩිවේ. එසේම හ්‍යුමන් පැපිලෝමා වෛරසය (human papiloma virus) සහ ගැබ්ගෙල පිළිකා අතර සම්බන්ධයක් පවතී. ගැබ්ගෙල පිළිකා වැළැඳී ඇති බොහෝ කාන්තාවන් හට ජීවිතයේ කුමන අවධියකදී හෝ හ්‍යුමන් පැපිලෝම වෛරසයේ උප-කාණ්ඩයක් (sub-types) වැළඳී ඇතිබව්ට සොයා ගෙනඇත. කෙසේ නමුත් බොහෝමයක් වෛරස සහ වෛරස ආසාධනයන් හා පිළිකා අතර සමිබන්ධයක් නොපවතී. 

 

 

                                                           6.      ප්‍රතිශක්ති පද්ධතිය

 

දුර්වල වූ ප්‍රතිශක්ති පද්ධතියක් හිමි සමහරඅයට සමහර පිළිකා වැළඳිමට ඇති ඉඩකඩ වැඩිය. උදාහරණ ලෙස ඒඩිස් (AIDS) හෝ ප්‍රතිශ්ක්තිය වලක්වන ප්‍රතිකාර(immune suppressive therapy) ගනු ලබන පිරිස්. 

 

                                              7.    ඔබගේ ජාන සැකැස්ම.  

 

සමහර පිළිකාවලට ජාන සමග දැඩි සම්බන්ධතාවක් පවතී. උදාහරණ ලෙස සමහර ළමාවිය පිළිකා තත්වවලදී අසාමාන්‍ය ජාන, සෛලයන් අසාමාන්‍ය බවට උත්තෙජනය කරවීම, ජාන පිළිකාකාරක වනබවට නිදසුන්වේ. අනෙක් වර්ගයේ පිළිකාවලට සමහර ජාන හේතුවන බව එතරම් පැහැදිළි නොමැත. එලෙසම උපතින්ම ලද සමහර ජාන නිසා ඔවුන් පිළිකාකාරක සහ වැරදි ආහාර පුරැදු වැනි අනිසි බලපෑම්වලට  සුළු ප්‍රතිරෝධිතාවයක් දැක්වීමද පිළිකා ඇතිවීමට බලපායි.

 

 

 

                     බොහෝ පිළිකා ඇතිවනුයේ සාධක කිහිපයක සම්මිශ්‍රණයක් වශයෙනි !

 

පිළිකාකාරයක් සමග ගටෙන සෑමදෙනාම සහ සෞඛ්‍ය සම්පන්න නොවන ජීවිත ගතකරන සියලුදෙනාටම පිළිකා සෑදේයයි, කීම වැරදිවේ. උදාහරණ ලෙස දුම් බොන සියලුදෙනාටම පිළිකා නොවැළඳේ. ඇත්ත වශයෙන්ම අප සියලුදෙනාම බොහෝ අවස්ථාවලදී, ඉතා සුළු සාන්ද්‍රණ වශයෙන් පිළිකාකාරක ද්‍රව්‍යවලට නිරාවරණයට ලක්වේ.පිළිකාවලින් වළක්වාගැනීම සඳහා අප ශරීරයට විශේෂිත යාන්ත්‍රණ පවතී.

 

උදාහරණ වශයෙන්, පිළිකාකාරක මගින් හානියට පත්වන බොහෝ සෛල තමන් විසින්ම අළුත්වැඩියා කරගැනීමට හැකියාව පවතී. ඒලෙසම ශරීරයේ ප්‍රතිශක්ති පද්ධතිය සමහර අසාමාන්‍ය සෛල පිළිකාබවට පත්වීමට පෙර විනාශකරදමයි. එලෙසම එක් පිළිකාකාරකයක් එක ජානයකට පමණක් හානි ගෙනදේ.

 

නමුත් සෛල පාලනයකින් තොරව ගුණනයවීම  ඇරඹුම සඳහා ජාන දෙකක් හෝ වැඩි ගණනක් හානිවී හෝ වෙනස්වී තිබියයුතුය.බොහෝ අවස්ථාවලදී ජාන සැකැස්ම , පිළිකාකාරකවලට නිරාවරණයවීම, වයස , ආහාර පුරැදු , ඔබගේ ප්‍රතිශක්ති මට්ටම, ආදී වශයෙන්  සාධක සමූහයක එකතුවක් ලෙස පිළිකාවක් හට ගනියි.

 

LAST_UPDATED2
 
පිළිකා (Cancer) යනු කවරේද ? පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල

 

 

                                                   පිළිකා (Cancer) යනු කවරේද ?

 

පිළිකා යනු සිරුරේ සෛලවල ඇතිවන රෝගී තත්වයකි. විවිධාකාරයේ සෛල සිරුරේ පවතින අතර,එබැවින් විවිධාකාරයේ පිළිකා එම සෛලවලින් හටගනී. සියලුම පිළිකාවලට පොදු ලක්ෂණය නම් එම පිළිකා සෛල අසාමාන්‍ය වීමත්,පාලනයකින් තොරව ගුණනය වීම්ත් යන කරුනුය. කෙසේනමුත් විවිධ පිළිකා අතර විශාල වෙනස්කම් පවතී.

 

උදාහරන වශයෙන්,     

 

* සමහර පිළිකා වර්ධනය සහ ව්‍යාප්තිය අනෙක් පිළිකාවලට වඩා වේගවත් වීම.     

* සමහර පිළිකා ඉක්මනින් හඳුනාගත හොත් අනෙක් පිළිකාවලට වඩා පහසුවෙන් ප්‍රතිකාර කලහැකිවීම.    

* සමහර පිළිකා රසායනික චිකිත්සාව (Chemotherapy) සහ විකිරණ චිකිත්සාව (Radiotherapy) යන  

ප්‍රතිකාරවලට, අනෙක් පිළිකාවලට වඩා හොඳ ප්‍රතිචාර දැක්වීම.    

* සමහර පිළිකාවලට අනෙක් පිළිකාවලට වඩා හොඳ රෝග විග්‍රහයක් (Prognosis) තිබීම. එනම් සමහර

පිළිකාවලට සුවවීම සඳහා හොඳ හැකියාවක් ඇත.නමුත් සමහර ඒවාහි රෝග විග්‍රහය ඉතා දුර්වලවේ.

 

එබැවින් , පිළිකා යනු හුදෙක්ම තනි තත්වයක් නොවේ. එමනිසා එක් එක් අවස්ථාවලදී කුමන වර්ගයේ පිළිකාවක් ඇතිවූයේද යන්නත් ,එහි විශාලත්වය කොතෙක්ද යන්නත්, එය ශරීරයේ වෙනත් අවයවවලට  ව්‍යාප්ත වූයේද යන්නත් සහ කොතරම් දුරට එම පිළිකාව ප්‍රතිකාරවලට ප්‍රතිචාර දැක්වූයේද යන්නත් දැනගැනීම ඉතා වැදගත්ය. මෙමගින් ඔබට රෝගයට අදාළ විවිධ ප්‍රතිකාර ක්‍රම සහ රෝග විග්‍රහය ( Prognosis ) පිළිබඳව මනා අවබෝධයක් ලබාගැනීමට හැකිවේ.

 

 

                                                   සෛල යනු කවරේද ?

 

ශරීරයේ සාමාන්‍ය සෛල

 

ශරීරය ගොඩනැගී ඇත්තේ කුඩා සෛල මිලියන ගණනිනි. ශරීරයේ අවයව, අස්ථි, මාoශ පේෂි,සම සහ රුධිරය වැනි විවිධ කොටස් තැනී ඇත්තේ විවිධාකාරයේ විශේෂිත සෛලවලිනි. සියලුම සෛලවල න්‍යෂ්ඨිය නම් වූ මධ්‍යයකින් යුක්තය. එක් එක් සෛලය තුල ඇති න්‍යෂ්ඨියක් තුල ,  DNA  නමැති රසායන වර්ගයෙන් සැදුන ජාන දහස් ගණනින් පවතී. ජාන සෛලයේ ක්‍රියාකාරීත්වය පාලනය කරන "ව්‍යවස්ථා සග්‍රහයක්" වැනිය.

 

උදාහරන වශයෙන්, කිසියම් ජානයක් ප්‍රෝටීන සෑදීම පාලනය කරද්දී , තවත් ජානයක් හෝමෝන සහ අනෙකුත් ශරීරයට අවශ්‍ය රසායන ද්‍රව්‍ය සෑදීම පාලනය කරයි. එසේම කිසියම් ජානයක් සෛලය කවදා ගුණනය වන්නේද තීරණය කරද්දී , තවත් ජානයක් සෛලය මරණයට පත්විය යුත්තේ කවදාදැයි තීරණය කරයි. 

 

ශරීරයේ ඇති බොහෝ සෛල වර්ග කාලයෙන් කාලයට බෙදීම් (Divide) සහ ගුණනයවීම (Multiply) සිදුවේ. වයසට ගිය සෛල පරණ වීම හෝ හානි වූ විට , නව සෛල සෑදී ඒවා හිලවු කිරීම හෙවත් ප්‍රතිස්ථාපනය( replace) කිරීම සිදුවේ. සමාන්‍යයෙන් සමහර සෛල ඉක්මනින් ගුණනයවේ.උදාහරණ වශයෙන් ඔබගේ ශරීරයේ වයසට යන හා කැඩී බිඳී යන රතු රුධිරානු සෛල වෙනුවට ඔබ දිනපතා අලුතින් රතු රුධිරානු සෛල මිලියන ගණනක් නිපදවයි.

 

එහෙත් සමහරක් සෛල පරිනත වූ (mature) පසු කිසිසේක්ම ගුණනයවීම සිදුනොවේ. උදාහරණ ලෙස, මොළයේ සෛල පරිනත වූ පසු කිසිසේක්ම ගුණනයවීම සිදුනොව සමාන්‍යයෙන්  ඔබට අවශ්‍ය නියමිත සoඛ්‍යාවට සෛල නිපදවීමට ,ඔබගේ ශරීරය නිතරම වගබලාගනී.

 

 

 

                               ශරීරයේ අසාමාන්‍ය සෛල (abnormal cells) 

 

සමහර අවස්ථාවලදී සෛලය අසාමාන්‍ය ත්ත්වයට පත්වේ. මෙය සිදුවන්නේ සෛලය තුල ඇති ජාන එකක් හෝ කිහිපයක් වෙනස් වී හෝ හානිවී ඇතිවිටය.එවිට අසාමාන්‍ය සෛල දෙකක් , හත්‍රරක්  පසුව අටක් හා ආදී වශයෙන් බෙදීයයි.

 

එලෙස අසාමාන්‍ය සෛල විශාල සඛ්‍යාවක් තනි අසාමන්‍ය සෛලයකින් හටගනී.මෙම සෛල තමන් කුමන මොහොතේදී ගුණනය වීම නැවැත්විය යුතුදැයි නොදනී. එබැවින් අසාමාන්‍ය සෛල සමූහයක් ඉන් හටගනී.එසේ හටගන්නා  සෛල ගොනුව අතිවිශාල වූවිට ඇති වන අසාමාන්‍ය සෛල කැටිත්ත "අර්බුදය" ( tumour) නම්වේ.

 

 

                                                    අර්බුද ( tumours )යනු මොනවා ද

 

අර්බුදය යනු කැටිත්තක් (lump)  හෙවත් වර්ධනය වූ  සෛලවලින් තැනුනු පටක ගොනුවකි. අර්බුදයන්  වර්ග දෙකකට වෙන්කෙරේ. එනම් -

  • මෘදු (benign) සහ
  • මාරක (malignanat) වශයෙනි. අප පිළිකා ලෙස හඳුන්වන්නේ මෙම මාරක අර්බුදයන්ම වේ. 

 

               

මෘදු (benign tumours) අර්බුද

 

මේවා ශරීරයේ විවිධ කොටස්වල හට ගනි. මේවා සෙමින් වර්ධනය වන අතර ශරීරයේ අනෙක් පටක ආක්‍රමණයකර එතුල වර්ධනය වීම සිදුනොකරයි. ඒවා පිළිකාකාරී නොවන අතර, සාමාන්‍යයෙන් ජීවිතයට තර්ජනාත්මක නොවේ. බොහෝවිට ඒවාට ඉබේම ඉන්නට හැරිය විට කිසිදු හානියක් සිදු නොකරයි. උදාහරණ වශයෙන් , සමහර ඒවා අධික ලෙස විශාලවී තෙරපුම් රෝගලක්ෂණ (pressure symptoms) පමණක්  හෝ ශරීරය අවලක්ෂණවීම සිදුකරයි. එසේම සමහර හෝමෝන නිපදවන ග්‍රන්ථිවලින් හටගන්නා මෘදු අර්බුද පමණට වඩා වැඩියෙන් හෝමෝන නිපදවා අනවශ්‍ය  අනිසි ප්‍රතිඵල ගෙන එයි.

 

 

                                 මාරක අර්බුද (malignant tumours)(cancers)

 

මාරක අර්බුදවලට (පිළිකා) වඩාත් ඉක්මනින් වර්ධනය වීමට හැකියාව පවතින අතර ආසන්නයේ පවතින පටක ආක්‍රමණය කර විනාශ කරදමයි. අර්බුද ප්‍රථමයෙන් හටගන්නා ස්ථානය , ප්‍රථමික අර්බුද (primary tumour) නම් වේ.  මාරක අර්බුද ශරීරයේ අනෙක් කොටස්වලට ව්‍යාප්ත් වී ද්ව්තීයික අර්බුද (secondary tumour)      හෙවත් ස්ථානාන්තරණය (metastases) සිදුකරයි.

 

මෙම ද්ව්තීයික අර්බුද වර්ධනයවීම සහ ආක්‍රමණයවීම  ආසන්නයේ පවතින පටකවලට සිදු කර නැවත නැවත පැතිරයයි. සටහන:- සියලුම පිළිකා, ඝන අර්බුද (solid tumours)නොවේ. උදාහරණ වශයෙන් රුධිරය ආශ්‍රිත පිළිකාවක් වන ලියුකීමියා (leukemia) රෝගයේදී ඇට මිදුළු තුළ සෑදෙන අසාමාන්‍ය සෛල රුධිර සoසරණ පද්ධතිය ඔස්සේ ශරීරරය පුරා ව්‍යාප්තවයයි. 

 

 

                                   පිළිකා වර්ධනය සහ ව්‍යප්තවන්නේ කෙසේද?

 

 

               1.ස්ථානික වර්ධනය (local spread) සහ ආසන්නයේ ඇති පටක විනාශ කිරීම

 

පිළිකා ඉක්මනින් ගුණනයවේ.කෙසේ නමුත් පිළිකාවල අළුතින් හටගන්නා සහ ගුණනය වන සෛලවලට අවශ්‍ය ඔක්සිජන් සහ පෝෂණය සඳහා රුධිර සැපයුමක් අවශ්‍යවේ. කෙටියෙන්ම කියතොත් පිළිකාවකට අවශ්‍ය රුධිර සැපයුම නොලැබී ගියහොත්, එය අල්පෙනති හිසක තුඩකට වඩා තරම්වත් විශාල නොම්වේ.

 

පිළිකා සෛල මගින් ස්‍රාවය කරනු ලබන රසායන ද්‍රව්‍ය දැනටමත් පවත්නා රුධිර නාළ උත්තේජනය කර කුඩා රුධිර නාළිකා පිළිකාවන් වටා වර්ධනය කරවයි. මෙම හැකියාව රුධිර වාහිනී ජනකතාවය ලෙස හැඳින්වේ. පිළිකා සෛල සාමන්‍ය සෛල තල්ලුකර, ඒවා අතරට යාමට හැකියාවක් ඇත. එබැවින්  ඒවා බෙදීම සහ ගුණනයවීම සිදුකර අවට ඇති සාමන්‍ය සෛල හා පටක ආක්‍රමණයකර ඒවා විනාශකිරීම සිදුකරයි.

 

 

                                        2. වසානාළ සහ වසා ගැටිතිවලට ව්‍යාප්තවීම

 

සමහර පිළිකා සෛල  ආසන්නයේ ඇති වසා නාළවලට ගමන් කරයි. (ශරීරය තුල වසා නාළ ජාලයකින් සමන්විත වන අතර එම වසා නාළ සිරුරේ ඇති සෛල වටකරමින් සහ නහවමින් පවතින වසා නම් වූ තරලය බැසයාමට සලස්වයි) .

 

මෙම වසා නාල , තමන් සතුවූ වසා තරලය, වසා ගැටිති (Lymph nodes) තුලට බැස යාමට සලස්වයි. මෙම වසා ගැටිති සමහරවිට වසා ග්‍රන්ථි (lymph glands) ලෙස නම්වේ.ශරීරය පුරාම වසා ගැටිති විශාල ප්‍රමාණයක් විහිදපවතී. වසා නාල තුලට එන පිළිකා සෛල වසා ගැටිත්තක් තුලටවිත් හිරවීයයි. කෙසේ නමුත් එසේ හිරවන පිළිකා සෛල ගුණනයවී විශාල පිළිකාවක් බවට පත්වේ. පිළිකාවක් අසළ ඇති වසා ග්‍රන්ථි විශාල වී ඒවා තුල පිළිකා සහිත සෛල  අන්තර්ගතවන්නේ එම හේතූන් නිසාය.

 

 

                                        3. ශරීරයේ අනෙකුත් ප්‍රදේශවලට පැතිරයාම

 

සමහර පිළිකාසෛල ආසන්නයේ ඇති කුඩා රුධිර වාහිනී හෙවත් රුධිර කේෂනාළිකාවලට ගමන් කරයි.ඒවා එවිට රුධිර දහර ඔස්සේ සිරුරේ අන්කුත් කොටස්වලට ගමන්කරයි. එම සෛල  එවිට ගුණනය වී ද්ව්තීයික අර්බුද (secondary tumour)බවට ශරීරයේ තැන් කිහිපයකදී පත්වීමට ලක්වේ. එවිට මෙම ද්ව්තීයික අර්බුද වර්ධනයවී ආසන්නයේ ඇති පටක ආක්‍රමණයකර, විනාශකර නැවතනැවතත් පැතිරයයි.

 

 

       මෘදු අර්බුද (benign tumours) ශරීරයේ අනෙක් ප්‍රදේශවලට ව්‍යාප්ත නොවන්නේ ඇයි?

 

මෘදු අර්බුද සාදන සෛල පිළිකා සෛලවලට වඩා වෙනස්ය. මෘදු අර්බුදවල සෛල සාමාන්‍ය සෛලවල ස්වරෑපයට ටිකක් සමානවේ. ඒවා අවට ඇති සාමාන්‍ය පටක ආක්‍රමණය නොකරයි. මෘදු අර්බුද බොහෝ විට ප්‍රාවරයක් තුල හෝ සාමාන්‍ය සෛලවලින් වටවී සෙමින් වර්ධනයවේ. මෘදු අර්බුද    බැල්මෙන් හා ස්පර්ශයෙන් සුමටවූ සහ ක්‍රමවත්වූ මතුපිටක් සහ මනාව වෙන්වූ දාරයකින් යුක්තවේ. මෘදු අර්බුද, ගැටිති සහිත සහ අක්‍රමවත් ම්තුපිටකින් යුක්තවූ මෙන්ම, දාරයන් නිතරම අවටඇති සාමන්‍ය සෛල පටක හා මිශ්‍රවී, ගැටේමින් පවතින පිළිකාවලට (මාරක අර්බුද=cancer=malignancy)වඩා බොහෝ වෙනස්ය.

 

 

                                                        පිළිකා වර්ග

 

පිළිකා වර්ග 100කට වඩා පවතී. ඒවා එලෙස වර්ග කර ඇත්තේ කුමන වර්ගයේ සෛලයකින් පිළිකාව ඇරඹෙන්නේද යන්න පදනම් කරගෙනය. උදාහරණ වශයෙන් පියයුරු සෛලයක්, පෙනහළු සෛලයක්,ආදිය...

 

සාමාන්‍යයෙන් එක් එක් පිළිකාවන් පහත දැක්වෙන කාණ්ඩ 3කින් එකකට අයත්වේ.

 

·         කාසිනෝමාවන් (carcinomas) යනු ශරීරය මතුපිට හෝ ග්‍රන්ථි ආස්තරනය කරනු ලබන සෛලවලින්  හටගන්නා පිළිකාවන්ය.උදාහරණ- සම සහ ආන්ත්‍රය ,මුඛය ,ගැබ්ගෙල ,ශ්වසන මාර්ගය ආස්තරණය කරන සෛල,යනාදිය.. 

 

·         සාකෝමාවන් (sarcomas)යනු අස්ථි හා මාශ පේෂි වැනි සම්බන්ධක පටකවලින් හටගන්නා පිළිකාවන්ය. උදාහරණ-ඔස්ට්යෝසාකෝමා (osteasarcoma)යනු අස්ථිවලින් හටගන්නා පිළිකාවන්ය.  

 

·         ලියුකේමියාව (leakeumia)(රුධිරයෙහි සුදු රුධිරානු අධිකවීමේ රෝගය ) සහ ලිම්ෆෝමාව (lymphoma) ( වසා ගැටිතිවල මාත්සරික අර්බුදය ) යනු පිළිවෙලින් ඇටමිදුළු සහ වසා ගැටිතිවලින් හටගන්නා පිළිකාවන්ය.  වඩාත්ම බහුලව දක්නට ලැබෙන පිළිකාවන් වනුයේ : පියයුරු, පුරස්ථ ග්‍රන්ථිය,අන්ත්‍රය සහ සම ආශ්‍රිත පිළිකාවන්ය.

 

 

    "කාසිනෝමා ඉන් සිටු" (carcinoma in situ ) හෙවත්  එකතැන්හි පිළිකාව පැවතීම යනු

                                                          කුමක්ද?

 

අසාමාන්‍ය පිළිකා සෛල  ඒවා උපන් මුල් ස්ථානයට පමණක් සීමාවීම යන මූලික අවස්ථාව කාසිනෝමා ඉන් සිටු  ලෙස හැඳින්වේ.

 

මෙම පිළිකා අව්ධියේදී පිළිකාව වර්ධනය නොවී, පිළිකා සෛල සිරුරේ අනෙකුත් ප්‍රදේවලට පැතිර නොගොස්, පිළිකාව උපන් තැනම පවතී. මෙලෙස බොහෝ පිළිකා නියමාකාර පිළිකාවක් බවට වර්ධනයවී පැතිරායමට පෙර මාස ගණන් හෝ වසර ගණන් මෙම අක්‍රිය , නිද්‍රා අවස්ථාව (dormant stage) පසුකරයි. මෙයට හේතුව නම්  කාසිනෝමා ඉන් සිටු  නම් අවධියේදී එයට සාමාන්‍ය ලෙස  නව රුධිර වාහිනී සෑදීම උත්තේජනයකළ නොහැකිවීමයි.(ඉහතින් සඳහන් කළ වාහිනීජනකතාවය (angiogenesis) කියවන්න.)

 

මෙසේ එවාට අළුත් රුධිර වාහිනී සෑදීම උත්තේජනය කළ නොහැකිවුවහොත් ,පිළිකාව වර්ධනය හෝ ව්‍යාප්තිය සිදු නොවේ.කාසිනෝමා ඉන් සිටු හි ඇති සෛල එකක් හෝ කිහිපයක්  කාලයත් සමග වෙනස් වීමකට  ලක් වනබවට පරිකල්පනයක් පවතී. (සමහර ජාන වෙනස් වීමමගින්).

 

එවිට මෙමගින් එම සෛලවලට අළුත් රුධිර වාහිනී සෑදීම සඳහා අවශ්‍ය රසායන ද්‍රව්‍ය ස්‍රාවය කළ හැකිවේ. එවිට පිළිකාව ඉහත සඳහන් කළ ආකාරයට වර්ධනයවීම් සහ පැතිරයාම සිදුවේ.කාසිනෝමා ඉන් සිටු අවස්ථාවේ අන්තර්ගතවන්නේ ඉතා ස්වල්ප සෛල ප්‍රමාණයක් වන බැවින්, එය ස්කෑන් මගින් හෝ එක්ස් කිරණ මගින් අනාවරණය කළනොහැකි ලෙස ඉතා කුඩා වේ.

 

කෙසේ නමුත් සමහර පරීක්ෂණ මගින්  කාසිනෝමා ඉන් සිටු  හඳුනාගත හැකිය. උදාහරණ ලෙස ගැබ්ගෙල සෛල ගෙන, අන්වීක්ෂය මගින් බලා කරනු ලබන පරීක්ෂණය (pap smear) මගින් ගැබ්ගෙල පිළිකාවලට අදාළ       කාසිනෝමා ඉන් සිටුනම් අවස්ථාව හඳුනාගත හැකිය.

 

මෙම අවස්ථාවේදී විශේෂිත ප්‍රථිකාර මගින් මෙම සෛල විනාශකර පිළිකා ඇතිවීම වළක්වාගත හැකිය. සමහර අවස්ථාවල්දී ශරීරයේ පටක විශ්ලේෂණ  පරීක්ෂාව (Biopsy)මගින් අදාළ ශරීර කොටසින් ඉතා කුඩා කැබැල්ලක් ලබාගෙන  කාසිනෝමා ඉන් සිටු අවස්ථාව හඳුනාගත හැකිය. 

 

 

 

 

LAST_UPDATED2
 
ලෝක පිළිකා වාර්තාව 2003 පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල

   

     පිළිකා රෝග සම්බන්ධයෙන් මෙතෙක් බිහිවූ වඩාත් පරිසමාප්ත වූ

      විශ්ලේෂණ වාර්තාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිකුත් වෙයි.

 

 

     
          
                 සිගරට් බොන්න එපා.
                 තෙල් කෑම/ ක්ෂණික කෑම කන්න එපා.
                 ව්‍යායාම නැතිව ඉන්න එපා.ව පන්නනවා

 

 

                    ලෝක පිළිකා වාර්තාව  අනතුරු හඟවයි.

 

මිහිමත වෙසෙන කොයි කාගේත් අවධානයට ලක් විය යුතු වාර්තාවක් පසුගියදා එළි දුටුවා.එය තමයි ලෝක පිළිකා වාර්තාව.පිළිකා පර්යේෂණ පිළිබඳව ජාත්‍යන්තර ඒජන්සිය (International Agency for Research on Cancer-IARC)නමැති ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුබද්ධ නියෝජිතායතනය මඟිනුයි මේ කර්තව්‍යය ඉටු කළේ.

 

            ජගත් සෞඛ්‍ය සංවිධානය වෙනුවෙන් පිළිකා රෝඟීන් ගැනත්ල එය මැඩලීමට සිදුකරන පර්යේෂණ පිළිබඳවත් වාර්තා එක් රැස් කරන ෂ්ඍක්‍ ආයතනයල සියළුම රටවල මේ කේෂේත්‍රයේ නිරත රාජ්‍ය ආයතනත්, පර්යේෂකයනුත් සම්බන්ධීකරනයේ නිරත වෙනවා. ‍පිටු 351 කින් යුත් ලෝක පිළිකා වාර්තාව මඟින් මේ උවදුරින් මිඳීමට අප ගත යුතු පියවර පිළිබඳව නිර්දේශද ඉදිරිපත් කරන නිසා එය සියලු දෙනාගේම විමසීමට යොමුවිය යුතු වටිනා ලියවිල්ලකි.

 

 

            2020 වර්ෂය වන විට දැන් සිටින පිළිකා රෝගීන් ප්‍රමාණය සියයට 50කින් ඉහළ නැගිය හැකියි. එය සංඛ්‍යාත්මකව ගතහොත් දස ලක්ෂ 05ක අලුත් රෝඟීන් ප්‍රමාණයක්.ලෝක පිළිකා වාර්තාවේ එසේ සඳහන් වෙනවාග මිහිමත පිළිකා රෝඟීන් පිළිබඳව විස්තරාත්මක තොරතුරු ඇතුළත් අංග සම්පූර්ණ වාර්තාව ලෙස  සැලකෙන්නේ මේ ලෝක පිළිකා වාර්තාවයි.

 

 

            2000 වර්ෂයේදී මිහිමතින් සමුගත් ජන සංඛ්‍යාව මිලියන 56ක්. ඔවුන්ගෙන් සියයට 12ක්ම මරණයට පත්වූයේ පිළිකා හේතුවෙන් මේ වර්ෂයේදී මිලියන 53ක් පිරිමින්ද මිලියන 47ක් කාන්තාවන්ද පිළිකා රෝගයට නතු වුණා.මෙකී වසරේදී පිළිකා රෝගයෙන් මියගිය මුලු ජනගහනය මිලියන 62 ක්. මේ වාර්තාව දක්වන අන්දමට දියුණු වෙමින් පවත්නා රටවලට පිළිකාව මතුවෙමින් පවතින විශාල සෞඛ්‍ය ප්‍රශ්නයක්.

 

 

            ඉදිරි කාලය තුළ පිළිකාව මීටත් වඩා විශාල සෞඛ්‍ය ප්‍රශ්ණයක් වන බවට දැන් පසුබිම හැදෙනවා.ඒ නිසයි අප රාජ්‍ය තන්ත්‍රිකයන්ගේ, සෞඛ්‍ය සේවකයන්ගේ හා මහජනතාවගේ අවධානයට මේ වාර්තාව යොමු කරන්නේ යනුවෙන් එහි සඳහන් වෙනවා.

 

 

            එම වාර්තාවේම දැක්වෙන ආකාරයට, මෙහි සඳහන් කරුණු කෙරෙහි නිසි අවධානය යොමු කළොත් ඇති වීමට ඉඩ ඇති පිළිකා වලින් 1/3 ක්ම වළක්වා ගත හැකියි.තවත් 1/3ක් සුව කළ හැකියි.ඒ විතරක්ම නොවෙයි සුව නොකළැකි පිළිකා සඳහා වුවත් වේදනා නාශක ප්‍රතිකාර ක්‍රම හොඳින් ක්‍රියාත්මක කිරීමට අපගේ අවධානය යොමු කළ යුතුයි.

 

 

            ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ග්‍රෝ හාලෙම් බ්‍රන්ඩ්ට්ලන්ඩි පවසන අන්දමට පිළිකා රෝගයෙන් මිදීමට නම් ප්‍රධාන කරුණු තුනක් කෙරෙහී අපගේ අවධානය යොමු  විය යුතුයි.

 

   1. දුම් කොළ භාවිතය අඩු කළ යුතුයි. එය තමයි  අපට වළක්වා ගත හැකි ප්‍රධානතම අවදානම් සහගත සාධකය.20 වැනි ශත වර්ෂය තුළ දස ලක්ෂ 100ක මහා ජන සංඛ්‍යාවක් දුම්වැටි පානය නිසා මියැදුණා.


  2.   නීරෝගී ජවන රටාවක් හැඩගසා ගත යුතුයි.ආහාර සිරිත යහපත් කර ගත යුතුයි.නිතර එළවලු පළතුරු කන්න ඕනි.ශාරීරික යෝග්‍යතාවයද හොඳින් පවත්වා ගන්න ඕනි.

 
  3.   මුලින්ම රෝගය ඇති වීමේ මුල් අවස්ථාවේදීම එය හඳුනාගැනීම රෝගය වැළැක්වීමට විශාල පිටුවහලක් වෙනවා.

 

 

            2000 වසර වන විට දක්නට ලැබුණු දස ලක්ෂ 10ක් වන පිළිකා රෝඟීන් සංඛ්‍යාව 2020 වසර වන විට දස ලක්ෂ 15ක් දක්වා වර්ධනය වීමට බලපාන හේතුද පෙරයීම් කර තිබෙනවාග  ක්‍රමයෙන් ඉහළ යන වැඩිහිටි ජනගහනය, දුම්පානයේ ව්‍යාප්ති රටාව හා ආහාර සිරිතේ දුර්විපාකත් ඒ අතරින් ප්‍රධානයි.

 

 

            මේ පෙරැයීම් කරන අභාග්‍ය සම්පන්න තත්ත්වය ඇති නොවීමට නම් සියලු මට්ටමේ සෞඛ්‍ය අධ්‍යාපනඥයින් වැදගත් කාර්ය භාරයක් ඉටු කළ යුතුයි.ඔවුන්ට තමයි ජනතාව පිළිකාවෙන් ගලවාගැනීමේ ප්‍රධාන වගකීම ඇත්තේ.මේ වාර්තාවෙන් දැක්වෙන අවබෝධය, තාක්ෂණය හා පාලන උපාය මාර්ග නිසි පරිදි යෙදවීමක් සිදු වුවොත් එය පිළිකා නිවාරණයේ විශාල ජයග්‍රහණයක් වනවා නියතයි.බර්නාඩ් ස්ටුවර්ටි ප්‍රකාශ කරනවා.බර්නාඩ් ස්ටුවර්ට් ලෝක පිළිකා වාර්තාවේ සම කර්තෘවරයෙක්.ඔහු ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් සරසවියේ මහාචාර්යවරයෙක්.

 

 

            පිළිකා මර්ධන උපාය මාර්ග ප්‍රධාන වශයෙන් ප්‍රධාන සාධක දෙකක් අරමුණු කර සැලසුම් කිරීම වැදගත්.ඒ තමයි දුම්කොළ භාවිතය පාලනය කිරීම හා යහ ආහාර සිරිතක් පවත්වා ගැනීම යන අරමුණූ දෙක.2000 වර්ෂයේ සිදු වූ පිළිකා මරණ වලින් සියයට 43කටම හේතු වෙලා තිබෙන්නේ මේ සාධක දෙක.ලෝක සෞඛ්‍ය සංවිධානයේ සම්ප්‍රේෂණය නොවුනු රෝග කලමණාකරණය පිළිබඳව අධ්‍යක්ෂ වෛද්‍ය රජායෙල් බෙන්ගෝ ප්‍රකාශ කරනවා.

 

                                       ජීවිත සුරකින ගෝලීය ලියවිල්ලක් එළි දකින ලකූණු .

 

            ලෝක සෞඛ්‍ය සංවිධානය මේ දිනවල වැදගත් කාර්යයක් සපුරා ලීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටිනවා.ඒ තමයි ආහාර, ව්‍යායාම හා යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීම පිළිබඳව ගෝලීය උපාය මාර්ගයක් සැකසීම.එක් එක් රටවල් විසින් අරමුණු කර ගත යුතු පෝෂණ ඉලක්ක, ව්‍යායාම වැඩසටහන් පිළිබඳව මේ වාර්තාවේ සවිස්තරාත්මකව දැක්වෙනවා ඇති.මේ වැඩ සටහන සකස් කිරීමට රාජ්‍යල රාජ්‍ය නොවන සංවිධානල එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනයල බහුජන හා විද්වත් නියෝජනයද සම්මාදම් කරගන්නවා.

 

 

                                                      ලෝක සෞඛ්‍ය වාර්තාවේ අන්තර්ගතය

 

                                          දුම්කොළ - මිදිය හැකි මිදිය යුතු ප්‍රධාන මරණ වරෙන්තූව.

 

 

            එය තමයි වළක්වාලිය හැකි වළක්වාලිය යුතු ප්‍රධානම සාධකය. දුම්පානය කිරීමෙන් පිළිකා, තීව්‍ර පෙනහලු රෝගල හෘදය රෝග හා අංශභාගය ආදී රෝග වලින් 20 වන ශත වර්ශයේදී මිලියන 100ක් දෙනා අපේ ලෝකයෙන් සමුගත්තා.දුම්පානය කරන අඩකගේම ජීවිත තොර වන්නේ දුම් පානය කරණකොට ගෙනමයි.මේ අයගෙන් තුනෙන් පංගුවක්ම මිය යන්නේ අඩු වයසින්. එනම්, වයස අවු: 35-69 අතරේදීය.

 

 

            සාමාන්‍යයෙන් දුම් නොබොන කෙනෙකුට පෙනහලු පිළිකාවක් ඇති වීමේ ඉඩකඩ මෙන් 20-30 ගුණයක අවදානමක් දුම්පානය කරන කෙනෙක් දරනවා. මුත්‍රාශගත පිළිකාවකට දුම්පානය කරන්නෙකු ලක්වීමේ ඉඩකඩ 5 ගුණයක්.  මුඛයේ, ස්වරාලයේ හා අන්තශ්‍රෝතයේ පිළිකාවක් දුම්පානය කරන කෙනෙකුට ඇතිවීමේ අවදානම එසේ නොකරන කෙනෙකුගේ මෙන් සය ගුණයක්. අග්න්‍යාශයේ පිළිකා ඇතිවීමේ අවදානම දුම්පානය කරන කෙනෙකුට 3-4 ගුණයකින් ඉහළයි.

 

 

 

                                   ලෝක පිළිකා වාර්තාවෙන් ප්‍රකාශයට පත් වැදගත් කරුණු කිහිපයක්.

 

    * පිළිකා වැළැක්වීමෙහිදී වඩාත්ම වළක්වා ගත හැකි /යුතු දුසිරිත නම් දුම් පානයයි.


    * ජාන සිතියම්ගත කර සිදු කළ පර්යේෂණ ඔස්සේ පිළිකා සම්බන්ධයෙන් බොහෝ කරුණු අනාවරණය වී ඇත.එහෙත් ඒවා ප්‍රායෝගික වශයෙන් මනුෂ්‍ය ජීවිතවලට යොදාගැනීමේ දුෂ්කරතා තවත් කාලයක් යනතූරු පවතිනු ඇත.


    * බටහිර රටවල පිළිකා වැඩි වශයෙන් වාර්තා වේ.බටහිරට පරායත්ත වූ ජීවන රටාවක් සහිත  උතුරු ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාවල නවසීලන්තය හා ජපානය යන රටවලද පිළිකා රෝගීන් වැඩිය.මේ රටවල ජනතාව අතර විශේෂයෙන්ම පියයුරු, ආන්ත්‍රික, පුරස්ථිති හා ගර්භාෂ ගත පිළිකා රෝගීන් සංඛ්‍යාව ඉහළය.


    * දුම්කොළ මත්පැන් පානයෙන් වැළකීමල හොඳ ආහාර සිරිතක් පවත්වා ගැනීම ඔස්සේ පිළිකා නිවාරණයේ විශාල ප්‍රතිලාභ ලබා ගත හැක. පරිසර දුෂක ලෙස සැළකෙන වාහන පිටකරන දුම්, ඩයොක්සයින් ආදියෙන් වැළකීම පත්වන්නේ ඊලඟ තැනටය.


    * පිළිකා හඳුනාගැනීමේ පැප් තැවරුම  පරීක්ෂණය නිසා ගැබ්ගෙල පිළිකා රෝගීන් සංඛ්‍යාව විශාල වශයෙන් අඩු කළ හැක.මෙම පහසුකම් සියලු ජන කොට්ඨාශවලට පුලුල් කළ යුතුය.ඒ හා සමගාමීව අනෙකුල් පිළිකා හැඳිනීමේ පරීක්ෂාද හඳුනාගත යුතුය.


    * ස්ත්‍රී පුරුෂ වශයෙන් පිළිකා ඇතිවීම පිළිබඳව වෙනස් කම් ඇත.පුරුෂයන් අතර බහුල පිළිකා ලෙස පෙනහලු, අක්මා අමාශ, අන්නස්‍රෝත පිළිකා හඳුනාගෙන ඇත. මේ වැඩිවීමට හේතුව පිළිකා කාරක වලට නිරාවරණය වීමේ සුලබතාවයයි.


    * වාර්ෂිකව ඇතිවන දසලක්ෂයක් පමණ වන පියයුරු පිළිකා වලින් වඩාත් පීඩා විඳින්නේ බටහිර රටවල කාන්තාවන්ය.


    * 2000 වසරේ ලොවපුරා මරණයට පත් ස්ත්‍රින් සංඛ්‍යාව 400,000කි. මේ අතුරින් පියයුරු පිළිකා නිසා සිදුවු මරණ ප්‍රතිශතය සියයට 16 කි.


    * ශූභ පණිවිඩයක් තිබේ. උතුරු ඇමරිකාව, බටහිර යුරෝපය. ඕස්ට්‍රේලියාව ආදී රටවල පියයුරු පිළිකා රෝගීන් අඩුවීමේ නැඹුරුවක් දක්නට ලැබේ. එයට හේතුව පිළිකා කල්තියා හැඳිනිමයි. ප්‍රතිකාර වේදයන්හී දියුණුවද තවත් වැදගත් සාධකයකි. Tamoxifen වැනි ඖෂධ, කිමොතෙරපි චිකිත්සා ආදිය මිට ඉවහල් වී තිබේ.


    * පියයුරු පිළිකාවලට හේතුවිය හැකි කාරණා ගැනද මේ වාර්තාවේ කරුණු දක්වා තිබේ. එහි සඳහන් වන අන්දමට ප්‍රජනක ඉතිහාසය, ප්‍රවේණිය, ප්‍රවිකිරණය, (විශේෂයෙන්ම පියයුරු වර්ධනය වන සමයේ විකිරණවලට නිරාවරණය වීම, බටහිර පන්නයේ ආහාර සිරිත, ස්ථුලතාවය හා අලස ජීවන රටාවකට හුරුවීම පියයුරු පිළිකාවලට හේතුවිය හැක.


මෙහි ඇති බැරෑරුම් සහගත කාරණය නම් මිට පෙර අධ්‍යයනවලදී දුම්පානය කරන අයෙක් මෙපමණ අවදානමක් දරන බව හෙළිදරව් වුණේ නැත. එනයින් බලන විට දුම්පානය නිසා කෙනෙකුට දරන්නට සිදුවන ජීවිතාවදානම අප සිතුවාටත් වඩා වැඩිය.ලැයිස්තුව තව අහවර නැත.සාමාන්‍ය පුද්ගලයෙකුට ඇති පිළිකා අවදානම මෙන් 2-3 ගුණයක වැඩි අවදානමක් දුම්පානය නිසා ඇතිවන තවත් පිළිකා විශේෂ තිබෙනවා. ආමාශය, අක්මාව, ගැබ්ගෙල, වකුගඩු,  නාස් කුහරය. කෝටරක හා myeloid Leukaemia නැමැති ලේ පිළිකාවද ඒ අතර වෙනවා.

 

 

දුම්පානය නොකෙරුවාට දුම්පානය කරන කෙනෙක් ලඟ හිටියාමත් අවදානමක් ඇති වෙනවා. එසේ අක්‍රීය දුම්පානයෙන් පෙනහළු පිළිකාවලට නතුවීමේ අවදානම සියයට 20 ක්. පියයුරු, පුරස්ථිති හා ගර්භාෂ එන්ඩ්‍රොමේටියමේ ඇතිවන පිළිකාවලට දුම්පානයේ සබඳතාවයක් තිබෙන බව මෙතෙක් හෙළිදරව් වී නෑ.

 

 

           මුලින්ම බොන එක තමයි නවත්වන්න ඕනි. නමුත් මේ වන විටත් දුම්පානය කරන අයත් එය නවතාලීමෙන් ප්‍රතිඵල ලබන්න ඕනි. දුම්පානය නවත්වන්න හොඳම වේලාව තමයි මේ දැන්ම. ප්‍රමාදය ඒ තරම්ම භයානකයි.

 

 

                                                     විවිධ ආසාදන පිළිකාවලට පෙරලෙන හැටි

 

 

            ආසාදන පසු කාලීනව පිළිකාවලට පෙරලෙන අවස්ථා තිබෙනවා. හෙපටයිටිස්  B  හා C   නිසා අක්මා පිළිකා හැදෙනවා. මානව පැපිලෝමා වෛරසය හේතුවෙන් ගැබ්ගෙල හා අධෝ ලිංගික පිළිකා ඇති වෙන බව සොයාගෙන තිබෙනවා.හැලිකොබාක්ටර් පයිලෝරි කියන්නෙත් ඒ විඳිහේ නරක චර්යාවක් තිබෙන ජීවානුවක්. එය ආමාශගත පිළිකාවලට හේතුවන බව පසුගිය සමයේ පර්යේෂණවලින් තහවුරු වුණා.

 

 

            දියුණු රටවල නම් මේ විදිහේ ජිවානු ආක්‍රමණ ඇතිවු විට ඒවා වේලාසනින් හඳුනාගන්නවා.වෛද්‍යමය මැදිහත්වීම්වල දියුණුව නිසා ප්‍රතිකාර ප්‍රමාද වන්නේ නෑ.අවශ්‍ය ප්‍රතිකාර නියමිත පරිදි සැලසෙනවා.ඒ නිසාම ආසාදන පිළිකාවලට පත්වීම සිදුවන්නේ සියයට 8% කගේ පමණ පසණ සුළුතරයක්.ඒත් දියුණු වෙමින් පවතින රටවල තත්ත්වය ඊට වෙනස්.පිළිකා තත්ත්ව වලින් සියයට 23ක්ම ඇතිවන්නේ මෙවන්ආසාදන වලට නියමිත ප්‍රතිකාර නොකිරීම හේතූවෙන්.ගැබ්ගෙල පිළිකාවලින් මියැදෙන කාන්තාවන්ගෙන් සියයට 80 ක්ම අයිති වෙන්නේ දියුණුවෙමින් පවත්නා රටවලට.මධ්‍යම ඇමරිකාවේ, ගිනිකොණ දිග අප්‍රිකාවේ හා ඉන්දියාවේ තත්ත්වය වඩාත් බරපතලයි.සෑහෙන පිරිසක් ඉහත කී ආසාදන පිළිකාවලට පෙරලීම නිසා මියැදෙනවා.

 

 

            මේ ගැටළු වලට නිට්ටාවට දෙන්න තිබෙන පිළිතුර තමයි එන්නත්. HBV එන්නත ලබා ගැනිමෙන් අක්මා පිළිකා වළක්වාගත හැකියි.ගැබ්ගෙල පිළිකා වළක්වන එන්නතක් පිළිබඳව සිහිනයක් තව වසර 3-5 අතර කාලයකදී සැබෑවෙන ලකුණු තිබෙනවා.

 

 

            ආහාර ජීර්ණක පද්ධතිය තුළ පටක හානිවීම් පසුව පිළිකා බවට පත්වන සෙයක්ද හඳුනාගෙන තිබෙනවා. වඩාත් උණුසුම් පාන වර්ග ගැනීමෙන් අන්තඝ්‍රෝතයේ  squamous cell carcinoma  ඇතිවීම. අම්ල පිත්තය (Gastro-oesophageal reflux)  නිසා එහිම ඇතිවන  adinocarcinoma පිළිකාව, එම රෝගය නිසාම ඇතිවන ආමාශගත පිළිකා, Crohns disease නිසා ඇතිවන බඩවැල් පිළිකා හා Ulcerative colitis  නිසා ඇතිවන ආන්ත්‍රික පිළිකා ඒ අතර නම් කළ හැකියි.

 

 

 

                                                   බටහිර රටවල නම් දැරූ වැරදි ආහාර සිරිත

 

 

            කැලරි අගය ඉහළ, තෙල් රස වැඩි  පිරිපහදු කළ කාබෝහයිඩ්‍රේට් හා සත්ත්ව ප්‍රෝටින සහිත ආහාර ලබාගැනීමත්, අලස ලෙස ජීවිතය ගත කිරීමත් ඇති කරන්නේ ප්‍රශ්න වැලකි. ස්ථුලතාවය, අධිරුධිර පීඩනය, හෘදය රෝග, දියවැඩියාව හා පිළිකා රැසකට මේ සිරිත අත වනයි.     

 

මෙවන් ආහාර සිරිතක් පිළිකා රැසකට හේතුවිය හැක. පියයුරු, අන්ත්‍ර, ගුද, ගර්භාෂය,  පිත්තාශය, වකුගඩු, ගලනාලය හා පූරස්ථි පිලිකා ඒ අතර වේ.

 

            ලොව සෑම කලාපයකම ජනතාවගේ තරබාරුවීමේ ප්‍රවණතාවයක් මෙකල දක්නට ලැබේ. මෙයද බටහිරකරණය වු ආහාර සිරිතේ ප්‍රථිඵලයකි.මේ කමකට නැති අධි අවදානම් සහගත ජීවන රටාවෙන් මිදුනේ නැතිනම් ලෙඩ රෝග රැසකට ආනාගතයේදි ලෝක ජනගහනයට මුහුණ දීමට සිදුවනු වළක්වනු නොහැකිය.

 

 

                                       පෝෂණය හා පිළිකාව-අශූභ රැසක් මැද ශූභ පණිවිඩයක්

 

 

            ආමාශගත පිළිකාවලට ලක්වු පිරිස සුළුපටු නොවීය වසරකට 870,000 ක් නව රෝගීන් වාර්තා වු අතර ආමාශ පිළිකා නිසා වසරකට මියැදෙන සංඛ්‍යාව 650,000 ක් තරම් විය.

 

 

            නමුත් මේ පිළිකාව විශ්මයජනක ලෙස අද වේගයෙන් අඩුවන බවක් පෙනේ. එක් පරම්පරාවක් තුළ බටහිර රටවල ආමාශ පිළිකා රෝගීන් අඩුවීමේ ප්‍රතිශතය සියයට 60 ක් විය. එහි බලපෑම දියුණු වෙමින් පවත්නා රටවලටද ඇති නොවුණා නොවේ.මේ ප්‍රවණතාවය තවදුරටත් පැවතුනොත් තවත් වසර 30 යන විට ආමාශ පිළිකාව දුර්ලභ පිළිකාවක් බවට පත්වනු නොඅනුමානය.

 

 

            මේ ජයග්‍රහණයට හේතුව කුමක්ද? ඒ අන් කිසිවක් නොව ශීතකරණයයි. මාළු හා මස් නරක් නොවී තබා ගැනුමට ලුණු අධික ලෙස එක් කරනු වෙනුවට ශීතකරණවල ඒවා තැන්පත් කිරීමට අප යොමුවීම නිසා ආමාශ පිළිකා ඇතිවීමේ ප්‍රවණතාව සීග්‍රයෙන් පහත වැටිණ.

 

 

සාම්ප්‍රදායික ලෙස මාළු අනුභව කරන අයිස්ලන්ත වැසියන් හා ජපාන ජාතිකයන් අතරද ලුණු දැමු  ආහාර ප්‍රිය කරන පෘතුගාලය හා බ්‍රසීලයේද ලුණු දැමු අච්චාරු සලාද අනුභව කරන කොරියානු ජාතිකයන් අතරද තවමත් ආමාශගත පිළිකා රෝගීන් නොඅඩුව හමුවේ. නැවුම් එළවළු හා පළතුරු වැඩි වශයෙන් අනුභව කිරීමෙන්ද පිළිකා බොහෝමයක් අධෛර්යය කළ හැකි බව පර්යේෂකයන් පවසති. සම්ප්‍රේෂණය නොවන රෝග ලෙස සැළකෙන දියවැඩියාව හා හෘද රෝග මර්ධනය කිරීමෙහිලාත් මෙම සාධකය එකසේ වැදගත් වේ.

 

 

 

                                                 රෝග හඳුනාගැනිමේ උපක්‍රම වැඩි දියුණු වේ

 

 

            මුල් අවස්ථාවේදීම හඳුනාගැනීම පිළිකා විෂයෙහි ඇත්තේ අසිමිත වැදගත්කමකි. පසුගිය කාලය තුළ ප්‍රතිබිම්බ තාක්ෂණයන් විශාල වශයෙන් දියුණුවට පත්විය.විශේෂයෙන්ම  CT, MRI ආදී ව්‍යවහාර වඩා ප්‍රායෝගික තොරතුරු ලබාදීමට සමත් විය. පියයුරු පිළිකා හඳුනාගැනීමට   Mammogrphy නැමැති ප්‍රතිබිම්බ තාක්ෂණයෙන් ලැබුණේ නොමද සම්මාදමකි. ගැබ්ගෙල පිළිකා හඳුනාගැනීමට යොදාගත් පැප් තැවරුමද බොහෝ කාන්තාවන් මරණයෙන් මුදවා ගැනිීමට සමත් විය.

 

 

 

                                               පිළිකා මර්ධන උපාය මාර්ග පිහිටුවීමෙහි අරමුණ

 

            පිළිකා මර්ධනයෙහි අරමුණ - පිළිකා රෝගීන් ඇතිවීම පාලනය කිරීමයි. එසේම පිළිකාව නිසා රෝගීන් අබල දුබල භාවයට පත්වීම වැළැක්වීමද, මරණ වැළැක්වීමද තවත් අභිප්‍රායකි.  පිළිකා රෝගීන්ට වේදනා නැසුමට හා ජීවිත තත්ත්වය උසස් කිරීමට ඇප-උපකාරි වීමද මෙහි අනිවාර්ය අංගයකි. ලෝක පිළිකා වාර්තාව මේ සියළුම අංශ කෙරෙහී විශ්ලේෂණාත්මක අධ්‍යයනයක් සිදුකර ඇත. එය සියළුම රටවල් සාර්ථක පිළිකා මර්ධන වැඩ පිළිවෙලවල්  ආරම්භ කළ යුතු බවට ඉල්ලා සිටින අතර ඊට වටිනා මාර්ගෝපදේශනයක්ද සපයයි.

 

 

 

                                                           පිළිකා පිළිබඳව සංඛ්‍යාලේඛණ

 

            පෙනහළු පිළිකාව ලොව වඩාත්ම පුළුල්ව පැතිරි යන පිළිකාවකි. පෙනහළු පිළිකා රෝගීන් වසරකට ලක්ෂ 12ක් අළුතින්  එක්වෙයි. වසරකට ලක්ෂ 10 ක නව රෝගීන් සංඛ්‍යාවක්  වාර්තා කරමින් පියයුරු පිළිකා දෙවන ස්ථානයට පත්ව සිටී. සෙසු පිළිකාවල වාර්ෂික නව රෝගීන් වාර්තා වීම මෙසේය.         

 

 

පිළිකාව                                   වාර්ෂික නව                             

                                               රෝගීන් සංඛ්‍යාව

ආන්ත්‍රික - ගුද                             940,000

ආමාශ                                        870,000

අක්මා                                        560,000

ගැබ්ගෙල                                    470.000

අන්නස්‍රෝතය                             410,000

හිස සහ ගෙල                              390,000

මුත්‍රාශය                                      330,000

හිංසාකාරි නන්

හොඩ්ජ්කින් ලිම්පෝමා               290,000

ලියුකේමියා                                250,000

පුරස්ථිති හා අණ්ඩකෝෂ            250,000

අග්න්‍යාශයික                             216,000

ඩිම්බකෝෂ                                190,000

වකුගඩු                                      190,000

ගැබ් ආස්තරණ

(එන්ඩ්‍රමේට්‍රයානු                         188,000

ස්නායු පද්ධතිය                           175,000

මෙලනෝමා                               133,000

තයිරොයිඩ්                                  123,000

ග්‍රසනිකාව                                    65,000

හොප්කින් ඩිසීස්                           62,000

 

 

            පිළිකාවකින් සිදුවන මරණ වලදී මේ පිළිකා මදක් වෙනස් වෙයි. වැඩිම මරණ  වලට වග කියන්නේ පෙනහළු පිළිකා මුත් දෙවන හා තෙවන ස්ථාන දරන්නේ ආමාශගත හා අක්මා පිළිකාවන්ය.මෙය ප්‍රතිශතයක් ලෙස ගත් කළ සියයට 17.8, 10.0 හා 8.8 ක නියෝජනයන් පිළිවෙලින් පෙනහළු, ආමාශ හා අක්මා පිළිකා අයත් කර ගනියි.

 

 

            පිළිකා රෝගීන් වඩාත්ම සුලබව වාර්තා වන්නේ බටහිර රටවලය.ඒ අතරින් ඇමෙරිකාව, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, නෙදර්ලන්තය, කැනඩාව හා ප්‍රංශය පෙරමුණේ සිටියි.

 

 

            උතුරු අප්‍රිකාව හා මධ්‍යම හා නැගෙනහිර ආසියාව සමස්තයක් ලෙස ගත් කළ අඩු පිළිකා රෝගීන් ප්‍රමාණයක් වාර්ාතාවන රටවල් ලෙස එම වාර්තාවේ දැක්වේ.

 

 

            පිළිකාව කෙමෙන් ව්‍යාප්ත වෙමින් පවතින රෝගයක්. මේ යන රටාවට වැට බැන්දේ නැත්නම් 2020 වසර වන විට තවත් සියයට 50% ක් පිළිකා රෝගීන් වැඩි වෙනවා.මේ නිසයි අප ක්‍රියාත්මක විය
යුත්තේ.ආහාර සිරිත ඔස්සේ, දුම්වැටිවලින් වැළකීමෙන්, ශරීර සෞඛ්‍යය මනාව පවත්වා ගැනීමට ව්‍යායාම ආදිය කිරීමෙන් මේ සංඛ්‍යාව සැළකිය යුතු ප්‍රමාණයකින් අවම කරගත හැකියි.ඒ දේ කිරීමට අවශ්‍ය අවබෝධය ලබාදිම තමයි මේ වාර්තාවෙන් කෙරෙන්නේ.සෞඛ්‍ය සේවකයන්ගේ රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ විතරක් නොවෙයි සියළුම ලෝක පුරවැසියන්ගේ අවධානය ඊට යොමු විය යුතුයි.
LAST_UPDATED2