විශේෂඥ වෛද්‍ය උපදෙස්

දායකත්වය

   

   


ගැස්ට්‍රයිටිස්
ආහාර වේල් මග හැරීමෙන් ඇතිවන ලෙඩේ බඩේ දැවිල්ල පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල

 

 බඩේ දැවිල්ල’ ,බඩේ ගෑස්’, හෝ ගැස්ට්‍රයිටිස් නමින් සාමාන්‍ය ව්‍යවහාරයේ දි හැඳින්වෙන  මෙම රෝගය බොහෝ දෙනාගේ ජිවිත සමග

 

තදින් බැදී පවති. මෙම රෝග තත්ත්වය සඳහා හේතු වනුයේ ආමාශයේ හා ග්‍රහණියේ ඇති වන්නා වු තුවාලයි. මේවා පෙප්ටික් වණ (peptic

 

ulcer) ලෙස හඳුන්වනු ලබයි.ආහාර මාර්ග නාලය ශ්ලේශ්මල ලෙස හැඳින්වෙන දියරමය පටලයකින් ආවරනය වී පවතී. සාමාන්‍ය තත්ත්ව

 

යටතේදි ආමාශයේ නිපදවන හයිඩ්‍රොක්ලෝරික්  අම්ලයට මෙම ශ්ලේශ්මල පටලය ඔරොත්තුදෙයි. නමුත් විවිධ හේතු නිසා මෙම

 

හයිඩ්‍රොක්ලෝරික් අම්ලය  ශ්ලේශ්මල පටලය සමඟ ගැටී තුවාල ඇති කරයි. මේවා පෙප්ටික් වණලෙස හඳුන්වයි.

 

 

 

                                                               පෙප්ටික් වණ වල ස්වභාවය

 

මේ අයුරින් ඇති වන්නා වු පෙප්ටික් වණ මුලික කොටස් 02 කට වර්ග කල හැක.

 

එනම්,

 

   (01) තිව්‍ර වණ (Acute ulcers )

 

 

   (02) නිදන්ගත වණ(Chronic ulcers)තීිව්‍ර වණ ප්‍රමාණයෙන් කුඩා වන අතර ඒවා ආමාශයේ හා ග්‍රහනියේ අභ්‍යන්තර පෘෂ්ඨයේ මතු පිට

 

             දැක ගත හැකිය. මේවා සුව වීම සදහා සති තුනක් වැනි කෙටි කාලයක් ගත වෙයි.

 

             නමුත් නිදන්ගත වණ ප්‍රමාණයෙන් විශාල වන අතර සංකිර්ණත්වයෙන්ද වැඩිය. මේවා වඩාත් ගැඹුරින් පිහිටා ඇති අතර සුව වීමට

 

             දිගු කාලයක් ගතවේ.                         

 

 

 

                                                         රෝගය වැළදිමට බලපාන සාධක

 

1.       සමහර පුද්ගලයන් තුළ දක්නට ලැබෙන ආමාශය සංකෝචනය විමේ වැඩි නැඔුරුතාවය. මේ නිසා ඔවුන්ගේ

 

         හයිඩ්‍රොක්ලෝරික්  අම්ල නිෂ්පාදනය වැඩි වීමෙන් හානි ඇතිවෙයි.

 

 

2.       රුධිරයේ ඇති ආමාශයික අම්ල නිපදවීම උත්තේජනය කරන හෝමෝන සාන්ද්‍රණය ඉහළ යෑම. (මේ නිසා ආමාශයික

 

        අම්ල නිෂ්පාදනය ඉහළ යයි.)

 

 

3.       හයිඩ්‍රොක්ලෝරික් අම්ල ස්‍රාවය නිෂේධනය කරන්නා වු පොස්ටග්ලැන්ඩින් හෝමෝන සාන්ද්‍රණය අඩු වීම.

 

 

4.       ඇස්ප්‍රින් වැනි ඖෂධ භාවිතය, හෝමෝන ඖෂධ භාවිතය, වේදනා නාශක භාවිතය. (මේවා ශ්ලේශ්මල පටලයට හානි 

 

         පමුණුවයි.)

 

 

5.       මධ්‍යසාර භාවිතය.

 

 

6.       ඇතැම් බැක්ටීරියාවන්  උදා -: හෙලිකො බැක්ටර් පයිලෝරි

 

 
                 දුම්බොන පුද්ගලයන්ගේ තුවාල සුව වීමට වැඩි කාලයක් ගත වෙයි. මිට අමතරව මානසික ආතතියද මේ
 
රෝග තත්ත්වය කෙරෙහී බලපාන බව සොයා ගෙන ඇත. එමෙන්ම පුරුෂයන් මෙම රෝගයෙන් පෙළීමේ වැඩි
 
නැඔුරුතාවයක් දක්වයි. එසේම O රුධිර ගණය ඇති අයට රෝගය වැලඳිමේ ඉඩ-කඩ වැඩි බවද පෙනී යයි.       

 

 

 

බඩේ දැවිල්ල නිසා ඇති වන  අහිතකර බලපෑම්

 

 

(01) ආමාශයික හා ග්‍රහණිගත තුවාල වලින් රුධිරය වහනය විම.  

 

 

(02) විශේෂයෙන්ම නිදන්ගත තුවාල පිපිරිමෙන් පරිතාන ප්‍රදාහයරෝග තත්ත්වය සෑදිම .

 

 

(03) ආමාශයේ හා ග්‍රහණියේ තුවාල සුව වු විට පටක ප්‍රතිස්ථාපනය වන්නේ තන්තුමය පටකයකින්ය. (Fibrosis) මෙම  

 

        තන්තුමය පටකය නිසා ආහාර මාර්ගයේ අවහිරතාවයන් ඇතිවීමට හැක.

 

 

(04) නිදන්ගත තුවාල කල් යැමේදි පිළිකා සෛල බවට පත් වීම.(විශේෂයෙන් නිදන් ගත තුවාල මත හෙලිකො බැක්ටර්   

 

        පයිලෝරි වැනි බැක්ටීරියාවන් ක්‍රියාකාරී වු විට පිළිකා සෑදිය හැක.)

 

 

 

 

         ආහාර වේල් නිසි වේලාවට නොගැනිම හා ආහාර වේලාවන් අත පසු කිරිම රෝගයට බලපාන ආකාරය.

 

 

ආහාර වේල් නිසි වේලාවට නොගැනිම මේ රෝගයට එතරම් බල නොපායි. එහෙත් ආහාර වේල් අතපසු කිරීම එතරම් සුදුසු දෙයක් නොවෙයි.

 

ඊට හේතුව වන්නේ ආමාශය තුළට ස්‍රාවය වන හයිඩ්‍රොක්ලෝරික් උප ස්ථරයක් නැති විට ශ්ලේශ්මල පටලය හා ගැටීමෙන් හානි

 

පැමිණවීමයි.

 

 

 

                                                      මෙම රෝගය සඳහා ලබා දෙන ප්‍රතිකාර

 

 

·         ආමාශයේ ආම්ලික ගතිය උදාසීන කරන ඇල්ඩියුරොක්ස් කාණ්ඩයට අයත් ඖෂධ වර්ග. : උදා --(Al(OH)3, Mg(OH)2 )

 

        මෙමගින් තාවකාලික සහනයක් ලබා ගත හැක.

 

 

·         බිස්මත් අඩංගු ඖෂධ.

 

 

·         ඇම්පිසිලින් හා එරිත්‍රොමයසින් වැනි ප්‍රතිජීවක ඖෂධ වර්ග

 

 

 

පෙප්ටික් වණරෝගයේ රෝග ලක්ෂණ

 

 

(01) උදරයේ දැවිල්ලක් වැනි වේදනාවක් ඇති විම. සමහර අයට මේ තත්ත්වය ඇති වනුයේ සමහර ආහාර වර්ග කෑමට

 

          ගැනීමෙන් පසුවය.

 

                                  උදා -: මිරිස් හෝ කුළුබඩු වැඩියෙන් යෙදු ආහාර.

 

 

          (02) උදර කුහරය පිටතින් ස්පර්ශ කිරීමේදී වේදනාවක් ඇතිවීම.

 

 

          (03) රාත්‍රී කාලයේදි නින්ද කැඩීම.

 

 

          (04) වමනය, සෙම හෝ පිත පිටවීම.

 

 

         (05) ලේ සහිත වමනය පිටවිම, රුධිරය සහිත කළු වර්ණ අසුචි පිටවීම. (රෝග තත්ත්වය උත්සන්න වු

 

LAST_UPDATED2
 
CIMETIDINE පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල

 

 

                                                                                    Cimetidine යනු කුමක්ද?

 

 

ආමාශයේ අම්ල ගතිය ඇති කරවීමට උපකාරී වන සෛල අවහිර කිරීමට යොදා ගන්නා මූලික ඔසුවක් ලෙස  cimitidine හැඳින්විය හැක.

 

සෛලයේ මෙම අවහිරක ක්‍රියාකාරිත්යවය  ඇති කරන ප්‍රදේශය හඳුන්වන්නේ histamine 2 ප්‍රදේශය යනුවෙනි. එනිසා මෙම ඔසුව

 

histamine 2 receptor antagonists නොහොත් HZRA ලෙස හැඳින්වෙයි. ආමාශයික වන (තුවාල) සුවකිරීම පිණිස හා ඒවා යලි යලිත් ඇතිවීම

 

වැළැක්වීමට cimitidine යොදාගනී. එය දිගු කාලීන භාවිතය සඳහා සුදුසු ඔසුවක් බව පිළිගැනීමයි. බොහෝ  වෛද්‍යවරුන් විවිධාකාර වූ

 

ආමාශයික වන (තුවාල තත්ත්වයන් සඳහා) cimitidine නිර්දේශ කරනු ලබයි.

 

 

 

 

                                           cimitidine භාවිතයට ගන්නේ කවර අවස්ථාවලදීද?

 

 

 

පහත රෝග තත්ත්වයන්හිදී වෛද්‍ය උපදෙස් මත cimitidine ලබාදෙනු ඇත.

 

·         ආමාශයේ හා ග්‍රහණියේ ඇතිවන පාචක (peptic ulcers)

 

·         අම්ල කොටස් ගලනාලයට පැමිණීම (gastroesophageal Reflux)

 

·         අධි ආම්ලිකතාවය (hyperacidity)

 

·          Zollinger - Ellison Syndrome ආමාශයේ අධික වශයෙන් ආම්ලික මාධ්‍ය ඇතිවන විරල රෝගයකි.

 

 

මෙකල මෙම රෝග පාලනයට වඩා වෙනස් ඖෂධ ද යොදා ගනී.

 

·         මේ හැරෙන්නට වෛද්‍ය තීරණ මත වෙනස් රෝග සඳහාද යොදා ගැනේ.

 

 

                                                      cimitidine ගත යුත්තේ කෙසේද?

 

 

ඖෂධය ගැනීමේදී වෛද්‍යවරයා දෙන උපදෙස් එලෙසම පිළිපැදිය යුතුය. මෙය ආහාර සමග හෝ ආහාර වේල් අතරද ගත හැකි ඖෂධයකි.

 

ඖෂධ ගැනීමෙන් පසු එහි ආම්ලිකතා පාලන ක්‍රියාකාරිත්වය පවතින්නේ පැය 4-5 අතර කාලයකි. මේ නිසා cimitidine දවසකට වාර 3-4 ක්

 

ගත යුතු වෙයි. ඔබ ප්‍රතිඅම්ල ඔසු ගන්නා අවස්ථාවේදීම cimitidine ගැනීම නොකළ යුතුය. හොඳින් වැසිය හැකි රැඳවුමක පෙති තබා

 

දරුවන්ගෙන් ඈත් කර තබන්න.

 

 

 

                                    cimitidine බෙහෙත් වේලක් මඟ හැරුණොත් කළ යුත්තේ කුමක්ද?

 

 

 

මතක් වූ වේලාවට ගන්න. එය ඊළඟ බෙහෙත් වේලටද කිට්ටු නම් ඊළඟ   බෙහෙත් වේල ගන්නා මාත්‍රා දෙකක ප්‍රමාණ එකවර ගැනීමෙන්

 

වළකින්න.

 

 

                                    cimitidine අනෙකුත් ආහාර හා පාන වර්ග සමග අන්තර් ක්‍රියා කරත්ද?

 

 

cimitidine කිසිඳු ආහාරයක් හෝ පාන වර්ගයක් සමග අන්තර් ක්‍රියා කරන්නේ නැත. මධ්‍යසාර  හා කැෆේන් අඩංගු පාන වර්ග ආම්ලිකතාව

 

වැඩි කරන බව නම් සැබෑවකි. එය මේ අවස්ථාවේ සිහි කැඳවිය යුතුය.

 

 

 

                                     cimitidine අනෙකුත් ඖෂධ සමග අන්තර් ක්‍රියාවේ යෙදෙන්නේද?

 

 

එක් ඖෂධයක් තවත් ඖෂධයක ක්‍රියාකාරීත්වය ඉහළ දමන්නේ නම් හෝ අඩු කරන්නේ නම් එය ඖෂධ අනරත් ක්‍රියාවක් ලෙස සැළකේ.

 

cimitidine අක්මාවේ තැන් කිහිපයකදී පරිවෘත්තීයට ලක්වේ. එය අන් ඖෂධද පරිවෘත්තීයට ලක්වන ස්ථාන හා සමපාත විය හැක. එවිට

 

ඖෂධ අන්තර් ක්‍රියාවක් සිදුවිය හැකිය. පහත ඖෂධ ජසපසඑසාබැ හි ක්‍රියාකාරිත්වයට බලපෑම් ඇති කරන බව හඳුනාගෙන ඇත. පහතින්

 

සඳහන් කළ ඖෂධයක් මේ සමඟ ඔබ භාවිතයට ගනී නම් ඒ බව වෛද්‍යවරයාට දන්වන්න.

 

*    Amoxicillin  / Anti - depressants /  Anti - diabetic drugs / Aspirin 

 

      Benzodiazepine tranquilizers / beta - blockers / Blood thinners  /

 

     

      Calcium - blockers / carbamazepine / Chemotherapy drugs /

 

      chlorpromazine / cisapride / clozapine / cyclosporine / digozin /                                 

     

 

       Fluconazole /ketoconazole - Medication for irregular heart beat /

 

       Metoclopramide / Metronidazole / Narcotic / Nicotine  / paroxetine

 

       / Pentoxifylline  / Phenytoin / Qinidine / Sucralfate / Thophylline    

 

 

 

                                   වෙනත් රෝගයක් ඇතිවිට cimitidine වලින් බලපෑමක් වේද?

 

 

 

ඇතැම් විට පහත දැක්වෙන රෝග තත්ත්ව ඇති විටදී එම රෝග වලට හිතකර හෝ අහිතකර බලපෑමක් ඇතිවිය හැක. ඒ බව සළකා බලමින්

 

වෛද්‍යවරයා ඔසුව ගැනිමට උපදෙස් දෙයි.

 

 

එම රෝග තත්ත්ව නම්

 

·         තීව්‍ර වකුගඩු ආබාධ

 

·         තීව්‍ර අක්මා ආබාධ

 

·         අඩු ශූක්‍ර ධාතු ප්‍රමාණ පැවතීම

 

 

 

ආසාත්මිකතා ඉඩකඩ .....?

 

 

ආසාත්මිකතා ඉතිහාසයක් සහිත හා ඇඳුම වැනි තත්ත්ව තිබේ නම් ඔවුන් මේ ඔසුව නිසාද ආසාත්මිකතා ලක්‍ෂණ ප්‍රකට කිරීමට ඉඩක් තිබේ.

 

විශේෂයෙන්ම HZRA කාණ්ඩය සඳහා පෙර ආසාත්මිකතා පහළ විනි නම් ඒ ගැන සැළකිලිමත් වන්න.

 

 

 

                                      ගැබිණි මාතාවකට කිරි දෙන මව්වරුනට cimitidine සුදුසුද?

 

 

හැකි නම් මේ කාලයේදී කිසිඳු බෙහෙතක් නොගෙන සිටීම වඩා උචිත බැව් දැන් අපේ කාන්තාවන් දනී. මෙහි ඇති අවදානම නම් දරුවා

 

අනතුරට පත්වීමේ ඉඩකඩයි. ඇමෙරිකාවේ FDA ආයතනය දරුවාට ඇති අවදානම සැලකිල්ලට ගෙන ඔහු ශ්‍රේණිගත කිරීමක් සිදුකර තිබේ.

 

එය පෙළ ගැසෙන්නේ A,B,C,D හා I යනුවෙනි. පර්යේෂණ තුළින් දරුවාට කිසිඳු අනතුරක් සිදු නොකරන බවට තහවුරු වී ඇතිනම් ඒ ඖෂධ

 

අයත් වන්නේ A කාණ්ඩයටය.

 

 

එතැන් පටන් B,C,D හා X දක්වා ගත්විට අවදානමද වැඩිවෙයි. cimitidine අයත් වන්නේ B කාණ්ඩයටය. ඔබ ගැබිණියක නම්, ඊට සැලසුම්

 

කරන්නේ නම් හෝ කිරිදෙන අම්මා කෙනෙක්නම් cimitidine ගැනීමට පෙර වෛද්‍යවරයාට ඒ බැව් පවසන්න.

 

 

 

 

                                    ලිංගික ක්‍රියාකාරිත්වයට cimitidine දක්වන බලපෑම කෙබඳුද?

 

 

පිරිමින්ගේ තන පුඩු විශාල වීම, ලිංගික වුවමනාවන් අඩුවීම හා ලිංගික බෙලහීනතාවය ඇතිවිය හැකි මුත් ඔසුව නතර කිරීමෙන් මේවා යථා

 

තත්ත්වයට පත්වේ.

 

 

 

 

                                    cimitidine කොපමණ කාලයක් ආරක්‍ෂා සහිතව ගත හැකිද?

 

 

cimitidine බොහෝ කාලයක් ආරක්‍ෂා කාරීව ගත හැක. නමුත්, ආමාශයික වන වලින් සියයට 95 කට හේතුවන්නේ Helicobacter pylori නම්

 

බැක්ටීරියාවයි. මේ බැක්ටීරියාව ප්‍රතිජීවක ඖෂධ යොදා ගැනීමෙන්, ඇස්පිරින් හා ආතරයිටිස් සඳහා යොදා ගන්නා ඖෂධ මගින් වඩාත්

 

පහසුවෙන් මර්ධනය කළ හැක. මේ තත්ත්ව යටතේ cimitidine දිගු කාලීනව ලබා ගැනීමේ අවශ්‍යතාවයන් පැන නොනගී.

 

 

 

 

                                     cimitidine භාවිතයෙන් ඇතිවිය හැකි සංකූලතා මොනවාද?

 

 

 

සුළු සංකූලතා : පිරිමින්ගේ තනපුඩු ආශ්‍රිත විශාල වීම්, හිසරදය, පලු දැමීම, බඩ බුරුලට යාම, හන්දිපත් කැක්කුම්, කරකැවිල්ල, පේශී

 

රිදුම්දීම, හිසකේ යාම, ලිංගික වුවමනාවක් සීමා වීම, ශුක්‍රාධාතු ප්‍රමාණය අඩුවීම.

 

 

බරපතල සංකූලතා : මානසික ඒකාග්‍රතාව බිඳවැටීම, හා මායා දර්ශන (මහළු අය අතර වැඩිය) උණ, උගුර වණ වීම, ශ්වසනය  අවහිර වීම,

 

ආසාමාන්‍ය සමෙහි සීරීම්)

 

LAST_UPDATED2
 
ගැස්ට්‍රයිටිස් පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල

 

 

                                     අද කාලයේ අපේ රටේ බහුලවම පවතින රෝගයක් ලෙස ගැස්ට්‍රයිටිස්

 

 

            රෝගය හඳුන්වන්නට පුලුවනි. බොහෝ දෙනෙක් සුලු බඩේ දැවිල්ලකදී පවා ‛‛මට ගැස්ට්‍රයිටිස් ඇතැයි’’ කියනු ඔබටද අනන්තවත් ඇසී

ඇතුවාට සැක නැත. කෙසේ වෙතත් එලෙස බඩේ ඇතිවන සෑම රෝගී තත්ත්වයක්ම ගැස්ට්‍රයිටිස් රෝගයේ ලක්ෂණයක්ද? ගැස්ට්‍රයිටිස්

රෝගය හඳුනාගන්නේ කොහොමද ? මෙවැනි වැදගත් කරුණු රැසක් අනාවරණය කර ගැනීමට අප පලාලි යුධ හමුදා රෝහලේ ජ්‍යේෂ්ඨ

ලේඛකාධිකාරී වෛද්‍ය එච්.ආර්. තඹවිට මහතා හමුවුණා. මේ දිග හැරෙන්නේ අප මාණ්ඩලික වාර්තාකරු වෛද්‍ය තඹවිට හා ‛‛බඩ පපුව

පුච්චන’’ ලෙඩේ ගැන කළ හෙළිදරව්වයි.

 

 

මොකක්ද මේ ගැස්ට්‍රයිටිස් කියන්නේ ?

 

ගැස්ට්‍රයිටිස් ලෙස අප සාමාන්‍යයෙන් හදුන්වනු ලබන්නේ ආමාශයේ ඇතිවන වණ තත්ත්වයක්. මෙය සුලු තුවාලයක් විය හැකියි.

නැතහොත් ආමාශ බිත්ති ගැඹුරට තුවාල වී ඇතිවු තුවාලයක් වීමටද හැකියි. සමහර විට තාවකාලිකව ඇතිවන ගැස්ට්‍රයිටිස් තත්ත්වයන්ද

තිබෙනවා. මත් වතුර පානය දුම්පානය ආදිය නිසා ආමාශ බිත්තියේ තැනින් තැන තුවාල වීම නිසා ආදියෙන්ද මේ තත්ත්වයන් ඇතිවිය

හැකියි. මේ කුමන තත්ත්වයක් යටතේ හෝ ආමාශයේ ඇතිවන වණ, තුවාල තත්ත්වයක් සාමාන්‍යයෙන් ගැස්ට්‍රයිටිස් ලෙස අප හඳුන්වනවා.

 

 

ගැස්ට්‍රයිටිස් රෝගයේ රෝග ලක්ෂණ මොනවාද?

 

සමාජයේ බොහෝ දෙනා තමන්ට බඩේ ඇතිවන ඕනෑම අපහසුතාවයක් ගැස්ට්‍රයිටිස් ලෙස හැඳින්වීමට පුරුදුව සිටිනවා. නමුත්

මෙය 100% ක්ම සත්‍ය ප්‍රකාශයක් නොවෙයි. මෙහි රෝග ලක්ෂණ ප්‍රධාන කොටස් දෙකක් තිබෙනවා.

 

1. ආමාශයේ තුවාල නිසා ඇතිවන රෝග ලක්ෂණ

 

2. ග්‍රහණියේ තුවාල නිසා ඇතිවන රෝග ලක්ෂණ

 

ආමාශයේ හෝ ග්‍රහණියේ තුවාල ඇතිවීම නිසා පොදුවේ ඇතිවන රෝග ලක්ෂණ ලෙස, බඩ දැවිල්ල, කෑම අරුචිය නිතරම කටට

කෙළ ඉනීම, නිතරම පපුව දිගේ දැවිල්ලක් වැනි තත්ත්වයක් ඇතිවීම, කටට ඇඹුල් රසයක් දැනීම ආදිය ඇතිවීමට

පුලුවනි.එමෙන්ම සමහරුනට නිතරම බඩ පුරවා දැමු ගතියක් ඇතිවීමට පුලුවන. එමෙන්ම රාත්‍රී කාලයේදී ඇතැම් පුද්ගලයන්ට

මේ අපහසුතා නිසාම නින්දෙන් නිතරම අවදිවීමද දක්නට ලැබේ. මේ මුලික රෝග ලක්ෂණ ඇතැම් පුද්ගලයන්ට ටික කාලයකින්

නැති වී යාමට හෝ සමහරුනට දිගු කාලයක් පැවතීමට ඉඩ තිබෙනවා. උදාහරණක් විදිහට මත්පැන් පානය කිරීමක්, අච්චාරු හෝ

අධිකව මිරිස් යෙදු ආහාරයක් ගත් පුද්ගලයෙකුට මේ ගැස්ට්‍රයිටිස් ලක්ෂණ ඇති වී ටික දිනකින් එම ලක්ෂණ නැතිවී යාමට

පුළුවනි. නමුත්, මේ සාධක දිගු කාලයක් පැවතීම නිසා ඇතැම් පුද්ගලයන්ට දිගු කාලීනව මේ රෝග ලක්ෂණ පවතින්නත්

පුළුවන්.

 

 

 

 

 

                               ගැස්ට්‍රයිටිස් රෝගයේ රෝග ලක්ෂණ පෙන්වන වෙනත් රෝගාබාධ මොනවාද?

 

 

මෙම රෝග ලක්ෂණ පෙන්වන ප්‍රධාන රෝගාබාධ තුනක් හදුනාගත හැක. එනම්,

 

1. පිත්තාශයේ ඇතිවන සංකූලතා,

   පිත්තාශයේ ගල් ඇතිවීම නිසා, ප්‍රදාහයන් නිසා ඇතිවන සංකූලතා

 

2. අග්න්‍යාශයේ ඇතිවන සංකූලතා

 

3. ඉහත ආකාර දෙකටම (02) වඩා භයානක තත්ත්වයක් වන්නේ ගැස්ට්‍රයිටිස් රෝගයේ රෝග ලක්ෂණ පෙන්වන පපුවේ ඇතිවන අපහසුතා/

     අමාරු. මේ නිසා කෙනෙකුට දිගු කාලයක් සුව නොවන ගැස්ට්‍රයිටිස් තත්ත්වයක් පවතිනවා නම්, එහෙමත් නැතිනම් වෙනදාට වඩා

     තමන්ගේ වේදනාව වැඩිනම් වහාම වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ගැනීම ඉතාම වැදගත්. විශේෂයෙන් වයස අවුරුදු 40 ට වැඩි පුද්ගලයන්

     මේ තත්ත්වයන්ට මුහුණ දෙන්නේ නම් ඒ පිළිබඳව වඩාත්ම සැළකිලිමත් විය යුතුයි.

 

 

ගැස්ට්‍රයිටිස්  රෝගය විනිශ්චය කරගැනීම සඳහා පවතින පරීක්ෂණ මොනවාද?

 

මේ සඳහා විශේෂ පරීක්ෂණ අවශ්‍ය නැහැ. මුලින් සඳහන් කළ රෝග ලක්ෂණ ඇසුරෙන්ම, රෝගියා හා කතාබහ කර රෝගය

හදුනාගැනීමට හැකියාව තිබෙනවා. නමුත් මේ රෝග ලක්ෂණ ඇතිවන්නේ ගැස්ට්‍රයිටිස් රෝගය නිසාමද යන්න සැක සහිත

අවස්ථාවලදී ඒ සඳහා භාවිතා කළ හැකි පරීක්ෂණද පවතිනවා. ඒ අතර,

 

 

1. එන්ඩස්කොපි පරීක්ෂණය -

 

    මුඛයෙන් විශේෂිත බටයක් ඇතුල් කිරීමෙන් ආමාශය පරීක්ෂා කර එමගින් ලබාගන්නා ඉතා කුඩා කොටස්   

 

    පරීක්ෂාවට ලක්කර නිසැකවම එහි ඇතිවී ඇති තුවාලයට හේතුව සොයාගත හැකියි. විශේෂයෙන්ම වැඩිහිටි වියේදී

 

    ගැස්ට්‍රයිටිස් නිසා ආමාශයේ ඇතිවන තුවාල ඇතැම් විට පිළිකා තත්ත්වයක් වීමටද ඉඩකඩ පවතිනවා.

 

 

2 Ultra Scan අතිධ්වනි පරිලෝකන පරීක්ෂණය

 

3. ආමාශයේ ඇති ආම්ලිකතාවය මැනීමේ පරීක්ෂණ මගින්

 

 

ගැස්ට්‍රයිටිස් ඇතිවීමට බලපාන ප්‍රධාන හේතු මොනවාද?

 

 

මේ සඳහා විවිධාකාර හේතු බලපෑ හැකියි. මෙලෙස බලපාන හේතු ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකියි.

1. පාරිසරිකව ඇතිවන හේතු

2. ශරීරයේ අභ්‍යන්තරයේ ඇතිවන හේතු

 

මෙයින් පාරිසරිකමය හේතු අතරට අප ගන්නා ආහාර විශේෂයෙන්ම අච්චාරු, අධික තුනපහ, මිරිස් අඩංගු ආහාර ගැනීම, එමෙන්ම

මත්වතුර, දුම්වැටි භාවිතා කිරීම ආදිය දැක්විය හැක. එමෙන්ම මානසික පීඩනය/ ආතතිය නිසා ආමාශ බිත්තිය යම් වෙනස්කම්වලට

දිගුකාලීනව භාජනය වී තුවාල ඇති විය හැකියි. ඊට අමතරව අද වන විට සොයාගෙන තිබෙන H-pylori නැමැති බැක්ටීරියා ආසාදනය නිසාද

ගැස්ට්‍රයිටිස් රෝගය ඇතිවිය හැකියි. ඊට අමතරව ඉතා සුලු වශයෙන් පාරම්පරිකවද මේ රෝග තත්ත්වය ඇති විය හැකි අවස්ථා තිබෙනවා.

 

 

 

ඇයි මෙච්චරම ගැස්ට්‍රයිටිස් වලට බිය?

 

මේ සඳහා බලපානු ලබන ප්‍රධානම හේතුවක් තමයි මේ රෝගය නිසා එදිනෙදා කටයුතු කරගෙන යාමට ඇති අපහසුතාවය. ඊට

අමතරව දිගු කාලයක් මේ රෝග තත්ත්වය පැවතීම නිසා ඇතිවිය හැකි සංකූලතා නැතහොත් අතුරු ආබාධ නිසාද මේ රෝගය

සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතුයි.

 

 

මේ අතුරු ආබාධ අතරින් ප්‍රධානම අතුරු ආබාධ අතර ගැස්ට්‍රයිටිස් රෝගය නිසා ඇතිවන තුවාල ආමාශ බිත්තිය සිදුරු කරගෙන

උදරයට විවෘත වීමට ඉඩ තිබීම දැක්විය හැකියි.

 

 

එවැනි විටෙකදී ශල්‍යකර්මයක් මගින් එය සුවකර ගත හැකියි.එමෙන්ම ශරීරයේ අභ්‍යන්තර අවයවයකට මේ තුවාල ගමන් කිරීම

නිසා එම අවයවයට හානි සිදුවීම, මෙම තුවාල නිසා අභ්‍යන්තරව රුධිරය වහනය වීම් සිදුවී එම රුධිරය මළපහ සමග පිටවීම. ඒ

නිසා රක්තහීනතාවය ඇතිවීමට ඉඩ තිබීම ආදියද අතුරු ආබාධ ලෙස දැක්විය හැකි අතර, ඇතැම් විට මෙම තුවාල නිසා විශාල

රුධිරවහනයක් සිදුවුවහොත් ජීවිතයට හානි සිදුවීම පවා විය හැකියි.

 

 

ඊට අමතරව මෙම තුවාල නිසා පිළිකා ඇතිවීමේ අවදානමක්ද පවතිනවා. තුවාල නිසා ආමාශයේ ඇතිවන කැළැල් නිසා ආමාශයේ

ඇති ආහාර ක්‍රමාකුංචනයෙන් ඉදිරියට ගමන් කිරීමට බාධා සිදුවිය හැකියි. ඒ නිසාම මේ රෝගය ආරම්භක අවස්ථාවේදීම නිසි

වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන සුව කරගැනීම වැදගත්

 

 

 

                                               මේ සඳහා පවතින ප්‍රතිකාර මොනවාද?

 

 

ප්‍රධාන වශයෙන් ආමාශයික වණ ඇතිවන හේතු හා ඒවා වළක්වා ගැනීමට ගත යුතු පියවර හඳුනාගත යුතුයි. විශේෂයෙන්ම අපගේ

ආහාර-පාන ගැනීමේදී ඇති අහිතකර / වැරදි පුරුදු අත්හැරිය යුතුයි. මානසික පීඩනය වැනි හිත, භාවය ආශ්‍රිත ගැටළු පවතී නම් ඊටද ප්‍රතිකාරද

ගත යුතුය. ඊට අමතරව ඇති වෛද්‍ය ප්‍රතිකාර ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැකියි.

 

 

1. ශල්‍යකර්ම ආශ්‍රිත ප්‍රතිකාර

2. ඖෂධ ආශ්‍රිත ප්‍රතිකාර

 

 

මෙහිදී අතීතයේ නම් අනිවාර්යයෙන්ම ශල්‍යකර්මයක් අනුගමනය කළත්, අද පවතින ඖෂධ ප්‍රතිකාර මගින් රෝගය බොහෝ

දුරට සුවකර ගත හැක. මේ ඖෂධ වර්ග කිහිපයක් ඇති නිසා පුද්ගලයාගේ රෝගය නිශ්චය කර නිසි වෛද්‍ය උපදෙස් මත මේ

ඖෂධ ලබා ගත යුතුය.

 

 

එමෙන්ම ශල්‍යකර්ම ආශ්‍රිතව පවතින ප්‍රතිකාර කිරීමට සිදුවන අවස්ථා අද වන විට ඉතාමත්ම සීමා සහිත වී ඇත. වෛද්‍ය ප්‍රතිකාර මගින්

සුවකළ නොහැකි වූ විට හා සංකූලතා ඇතිවු විට මේ ශල්‍යමය ප්‍රතිකාර කරනු ලැබේ. ගැස්ට්‍රයිටිස් රෝගය දිගුකාලීන හේතු නිසා ඇතිවන්නක්

නිසාම රෝගය සුවකර ගැනීම සඳහාත් දිගුකාලීන ප්‍රතිකාර ගත යුතුය.

 

 

මේ නිසා වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබාගත යුතු අතර, නිතරම සායනවලට සහභාගි වීම හා තමාගේ ආහාර පුරුදු

යෝග්‍ය ලෙස වෙනස් කර ගැනීමද අනිවාර්යයෙන්ම කළ යුතුය. ආහාර ගැනීම ක්‍රමවත් චක්‍රයකට අනුව සිදු කළ යුතුය. විශේෂයෙන්ම

උදැසන ආහාරය නොවරදවාම නිසි වේලාවට ගැනීම ඉතාම වැදගත් වේ.

 

 

 

 

LAST_UPDATED2