විශේෂඥ වෛද්‍ය උපදෙස්

පරිශීලකයන් සඳහා




Designed by:
SiteGround web hosting Joomla Templates
ඔබව සාදරයෙන් පිළිගමු
ඩෙංගු රෝගය පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
ලියන ලද්දේ Administrator   
2010 අගෝස්තු 18 වෙනි බදාදා, 06:53

                     

ඩෙංගු රෝගය ඊඩ්ස් මදුරුවා රෝග වාහකයා කරගත් රෝගයකි මෙම මදුරුවා සුදුපාට ලප සහිත (කොටියකු මෙන් ලප ඇති) මදුරු විශේෂයකි.

 

                                                      ඩෙංගු රෝගය විවිධ මට්ටම් වලින් හට ගනී.

1.            ඩෙංගු උණ

2.            ඩෙංගු රක්තපාත උණ

3.            ඩෙංගු කම්පන සහලක‍ෂණ

 

                                                                 ඩෙංගු රෝග චාතුර්ථය

1.            උණ

2.            රුධිරය වහනය වීමේ රෝග ලක‍ෂණ

3.            පට්ටිකා අඩුවීම <100,000/mm3

4.            ප්ලස්මා කාන්දු වීමේ රෝග ලක‍ෂණ

      ප්ලාස්මාවට සාපේක‍ෂ රතු රුධිර පරිමාව (PVC) 20% ඉහළ යාම

      රුධිරයේ ඇල්බියුමින් /කොලෙස්ටරෝල් මට්ටම පහළ යාම.

      ප්ලුරාවේ /වෙනත් දේහ කුහර වල තරලය එකතු වීම.

 

LAST_UPDATED2
තව දුරටත් කියවන්න...
 
වයස අවුරුදු 45 ක් වන මගේ සොහොයුරියගේ බෙල්ලේ පහළ කොටසේ හරි මැද ගැටයක් තිබෙනවා. කෑම ගිලිනවිට මෙය ඉහළ පහළ යනවා. පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
ලියන ලද්දේ Administrator   
2009 ජනවාරි 05 වෙනි සදුදා, 05:40

 

බෙල්ලේ ඉදිරි පස සමනලයකුගේ හැඩයක් ඇති තයිරොයිඩ් ග්‍රන්ථිය පිහිටා ඇත. මෙය ස්වාසනාලය හා ස්වර‍ාලය වටා පිහිටයි. ආහාර ගිලීමේදී ස්වර‍ාලය ඉහළ පහළ යන බැවින් තයිරොයිඩ් ග්‍රන්ථියද ඒ සමඟ ගමන් කරයි. තයිරොයිඩ් ග්‍රන්ථි‍ෙය් ඇතිවන ගැටිත්තක් බෙල්ලේ පහළ ‍ෙකාටසේ මැදට වන්නට පිහිටයි. එය ගිලින විට ඉහළ පහළ ගමන් කරයි. මේ ගැටිත්ත පිළිකාවක් වීමට ඉඩ ඇති නිසා ඒ ගැන වැඩිදුර පරීක්ෂණ ඉතා ඉක්මනින් කළ යුතුය.

 

LAST_UPDATED2
තව දුරටත් කියවන්න...
 
හෘද රෝග නිවාරණය

 මිනිස් හදවතේ පළමු ගැස්ම ඇති වනුයේ මව් කුස තුළදීය. ගැබ තුළ සති 12ක් පිරුණු කල, කලලයේ හදවත වැඩිහිටි ස්වරූපය ගෙන ගැසෙන්න‍ට පටන් ගනියි. එම ගැස්ම නතර වනුයේ මරණ‍යට පත් වීමෙන් පමණි. අවු. 75 ක් ආයු වැළැඳීමේ වාසනාව ලද මිනිසකු ගේ හදවත එම කල පරිච්ඡේදය තුළ මිලියන 2.5 වාරයක් ස්පන්දනය වනු ඇත.
එම හදවතට,

 

    * තමන් ලෙඩ යැයි කියා නවතින්නට වරම් නැත.‍
    * පෝෂණය මඳි යැ යි කියා වැඩ වරන්නට අයිතියක් නැත.
    * වැඩ වැඩි යැ යි කියා නිකම් හිටින්නට පහසුවක් නැත.

තව දුරටත් කියවන්න...
 
අපස්මාරය හා පාසල් දරුවා පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
ලියන ලද්දේ Administrator   
2009 ජනවාරි 06 වෙනි අඟහරුවාදා, 11:44

අපස්මාරය නැතහොත් මීමැස් මොරය

හැදින්වීම

මේ රෝගය බොහෝවේලාවට ආරම්භ වන්නේ ළමා හෝ තරුණ වයසේදීය.ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්තමේන්තු කර ඇති ආකාරයට දැනට ලොව පුරා මිලියන 50ක් මෙම රෝගයෙන් පෙලෙනවා.මෙම රෝගයට හේතුව මොළයේ සිදුවන සාමාන්‍ය විද්‍යුත් ක්‍රියාදාමයේ සුලු මොහොතකට ඇතිවන අසාමාන්‍ය අධිවේගී තත්වයකි.මෙහිදී සිහි නැතිවීම,ශරීරය ගැස්සීම ආදිය සිදුවනවා.මෙම රොග ලක්ෂණ උණකදී හෝ ිසේ තුවාලයක් සිදු වූ අවස්ථාවකදී සිදු විය හැකිය.එහෙත් එවන් විශේෂ අවස්ථාවක් නැතිව කෙනෙකුට දෙවරකට වඩා මෙම රෝග ලක්ෂණ මතු වූවහොත් එය අපස්මාරය ,නැතිනම් මීමැස්මොරය ලෙස හදුන්වන්නට පුලුවන.

·         මෙම රෝගය සරළ ප්‍රතිකාර මගින් පාලනය කල හැකි අතර ,ඉන් බොහෝ අවස්ථාවන්හිදී රෝගය මුලුමනින්ම නිට්ටාවට සුව කල හැකියි.

·         අධ්‍යපනය ලැබීමට හෝ සාර්තක ජීවිතයක් ගෙවන්නට මෙම රෝගය කිසිම ආකාරයකින්වත් බලපෑමක් නැත.

 

LAST_UPDATED2
තව දුරටත් කියවන්න...
 

ඔබේ අදහස්

මෙ‍ම වෙබ් අඩවිය කෙතරම් ප්‍රයෝජනවත්ද?
 

පරිශීලකයන්

අප සමඟ අමුත්තන් 2 ක් සබැදී සිටී

මඳක් රැඳී බලන්න

ICTA
වෙදනැනසලට මූල්‍ය ආධාර
මාණව ප්‍රවේණී විද්‍යා අංශය
වෙද ැණසල කොළඔ වෛද්‍ය පීඨයේ මාණව ප්‍රවේණී විද්‍යා අංශයේ සහ කායවිච්ඡේද අංශයේ නිර්මාණ‍යකි.